
සයුරත් අඹරත් දෙබෑ කරමින නිදහසේ පියඹා යන්නට සිතා.... පිය නැගුනි මේ ගෙන්දගම් පොළොවට....... ආ විටයි තුම්මුල්ලට පසක් වූයේ හැකිල ගිය තටු සිතූ ලෙසකට දිග හැරීමට නොහැකි යැයි කියා..... පොදි බැඳ ආ මාළිගා වල විදුරු දෙඇස් ඉදිරිපිට ම බිඳී යද්දිත්.... තනිකමත්, පාළුවත් අවුලවයි මහා ගින්දරක්. නමුත්, දිය බිඳක් මෙන් සනසන්නට ඖෂධීය සති අන්තයක්..... කුමක් වූවත්, දිනෙන් දින අලුත් මුහුණු පෙරළා... දරාගෙන බලා සිටිනා.... කටු පඳුරු මත ඇදී දුවනා වසර කීපයක්, බේරෙනා රුහිරු බිඳු මුසුකලත් බර හැඟීමක්..... ඉගිල්ලෙනා දහසකුත් අත්දැකීම්, පිරී ඇහිරුණු මතක මලු, බැඳි රතු පලසක ඇවිද යන්නට දකින සිහිනයක්. ඔබත් එනවද ? වෙනස් රුධිරය වුවත් එකා මෙන් සැම සොයායන ලස්සන කතාවක්, සිහිනයක් ම නොම වෙන නමුත් අළුයම සිහිනයක් වන ඒ සොදුරු වෘතාන්තය කරා..... ඇවිද යන්නට ඔබත් එනවද...... වෙලා තවත් ලස්සන කතාවක්...
By Rtr. Methmi Chandrasiri
Image Credits:
Leave a Reply