
කවුරුත් කැමති නෑසීතලේ ඉන්න... තුරුල් වෙන්න උණුහුමක් නැතිව තනි වුණාමිසක... කවුරුත් කැමති නෑකළුවරේ ඉන්න... පත්තු කරගන්න එළියක් නැතිව හුරු වුණාමිසක... කවුරුත් කැමති නෑමහ වැස්සෙ තෙමෙන්න ... ඉහළ ගන්න කුඩයක් නැතිව අසරණ වුණාමිසක... හොඳට මතක තියාගනින් ළමයො... මිනිස්සු තනිකමට කවි ලිව්වට... කවුරුත් කැමති නෑතනියම ඉන්න... විකල්පයක් නැති තැන තනිකමට හුරු වුණාමිසක.
By Rtr. Bagya Vitharanage
Image Credits:
https://shorturl.at/SJG5R

Leave a Reply