
කිචි බීචි හඬ ගාන හඬ ඈත දුර ගොස් ය සිලි සීලි හඬ නැගෙන සුළග තව ඈතින් ය සර සරින් හඬ විහිද ගලන දොළ සිඳිලා ය ඉර අව්ව තනි මටම විහිළු කර හිනැහේ ය
රංචු සේ ඉගිල ගත් මගෙ සොයුරු මිතුරු කැළ ගොසින් තව ඈතටම ඔවුන් මට නොපෙනෙන්න කුඩා මම තටු විහිද පියඹන්න හදන විට කඩාගෙන වැටෙයි මගෙ හිතේ පැත්තක් බරව
ආදරය පුරව ගත් මව නොදැක පාළුවට කඳුළු බිඳු අතර මගෙ තනිකමත් රැඳිලා ය ගිනියමට රත් වෙච්ච වැලි පයේ ගැටෙන විට අඬන්නට සිතෙයි මට ඇසෙන්නට ලෝකයට
සුදු වලාකුළු මැදින් නිල් වලා ගලන විට ඉල්ලන්නේ මහ මුහුද නොවෙයි දිය බිඳුවක් ය කතර බිම සැම තැනම එක ලෙසට පෙනෙන විට වසන්තය දකින්නේ කවදාද සිතෙයි මට
By Rtr. Gagani Singhakkara
Image credits:

Leave a Reply