
කොණ්ඩෙට මලක් ගහගෙන කරල් දෙක බැඳගෙන හැඩට උඹ හිටියම සීදේවි කෙල්ල අර ඉස්කෝලෙ ටීචලත් රැස්වීමෙ කිව්වා තාම මතකැති... පේස්බුක් දාපු උඹ නටපු නැටුම් දැක්කම කොහෙද ලොකු කොලීජියකින් උඹව එක්කන් ගියා අස්වීම දෙද්දි අපි හොරෙන් බලාගෙන... එදායින් පස්සෙ ගමේ නැහැ දැක්කෙ මං දැන් සර් කෙනෙක් ඔමරි උඹ කොහෙද? හැබැයි කොල්ලොනම් කිව්වෙ උඹ නටනවලු පේස්බුක් එකෙයි ටික්ටොක් එකෙයි කලිසමත් ඉරාගෙන වැරිහැලිත් ඇඳගෙන... මේ අපේ ධර්මෙ සර්ගෙ පොඩි එකී ඔමරිමද? එදා ළමා සාරියෙ හැට්ටෙ අවුරුදු ගානකට පස්සෙ ඉණට බැහැලා මං දැක්කම අත ගියා හිස් මුදුනටම... ටික දොහකට පස්සෙ පත්තරේ කතුවැකිය සුරුපී නළඟනක් සියදිවි නසාගෙන... ලොකු එවුන් රොත්තක්ම උඹට වද දීලලු... පේස්බුක් එකෙන් හම්බුණු ලොකු එවුන් අඬගහද්දිම මතක්වුන් නැද්ද බන් පන්සලේ ඉගැන්නුවා හිරි ඔතප් දෙක එකට... මට හිතාගැත්තැකි උඹේ පණ ගැහෙන්නැති සාරි පොට තද වෙද්දිත් මුදුන් යට ලීයටම... ටිකෙන් ටික වසන්තය අස්වද්දගෙන ආවත් ඉල්මහට වැහි නැති එක රෑක තනි අලියා ගැහුවා මගේ හිත් හේනට...
By Rtr. Kanishka Senerath
Image Credits:
Leave a Reply