
තුම්පනෙන් අහුලගත්
සේකරගෙ කවියකින් කෑල්ලක් ඉරාගෙන
පෙට්ටිත් පුරෝගෙන
කදමලුත් බැදගෙන
අතෑරියා පිටු උඩට
හිතේ තිවු පදවැල්…
වරක් දෙවරක් නම් බැරියැ
වැරදුණු පදපේලි
ගලපමින් ගොත ගොතා
ලිවු කවිය
විසිකළා අහසට
දෙන්නට කෙනෙක් නොවූ තැන…
මාසෙකට පස්සෙ එද්දි ඒ පාරෙන්
ගොඩවැදුණා තේ කඩේකට
හදා තිබුණා මලක්
කඩේ කෙල්ලගෙ මේසෙ උඩ
ඇහැගැටුණෙ නිකමට
ඒ තිබ්බෙ කවිමලක්…
හැඩට අපූරුවට තනාපු මලක්
මගේ කවිකොලෙන්…
By Rtr. කණිෂ්ක සෙනරත්
Image Credits:
Wowwwww,It is great.How did you think like this?😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤
Beautifully penned! Keep up the good work malli!!!