ආහාර යනු මිනිසාගේ අත්‍යාවශ්‍ය අංගයකි. ශ්‍රී ලංකාවේ ආහාර රටාව සහ පැරණි සංස්කෘතිය ඉතා මැනවින් සහ සම්බන්ධතාවයක් පවතියි. එහිදී බුදු දහම මූලිකාංගයක් වේ. අතීතයේ පැරැන්නන් ආහාර පිළියෙල කිරිමෙහිලා ඉතා වැදගත් සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර භාවිතා කර තිබේ. ඊට අමතර ව ආහාර වල පෝෂණීය වටිනාකම් පිලිබදව ද ඔව්හු සැලකිලිමත් වූහ. ඒ බව පැරැණි ඓතිහාසික මූලාශ්‍ර වල මනාව ප්රකටව දිස් වේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වේ. අතීතයේ ද එය ඒ ආකාරයම විය. පැරැන්නන් විසින් සහල් හදුන්වා දී ඇත්තේ බුද්ධ භෝගය වනුවෙනි. එකල වී, සහල්, හෝ බත් ආදිය බිම වැටී තිබුනහොත් ඒවා කොස්සකින් හෝ ඉදලකින් ඉවත් කිරිම නුසුඩුසු විය. ඒ වෙනුවට ඒවා අතින් අහුලා දැමීම කළ යුතුය. තව ද සහල් පිසීමෙ දී එකල ගෘහණියන් විසින් සහල් මිටක් වෙනම මුට්ටියකට වෙන් කරන ලදී. එය “මිටි හාල් මුට්ටිය” ලෙස අර්ථ කථනය විය. අතීත කාන්තාවන් විසින් බත පිසීමේ දී බත් මුට්ටියට තෙවරක් ස්පර්ශ කර ලිප තබා බත් බෙදන විට එයට තෙවරක් නමස්කාර කරන ලදීය. මේ සියලු කාරණා වලින් පිළීඹිබු වන්නේ සහල් බෝගයේ ඇති වටිනාකමයි. තව ද සහල් පිසිමේ දී විවිධ ක්‍රම ද අනුගමනය කරන ලදී. කිරිබත්, වෙඩරු යොදා සකසන කිරි බත්, එළවලු සමග තෙම්පරදු කරන ලද බත්, ධාන්‍ය යොදා සකසන බත්, රාත්‍රියේ බත් වලට ජලය දමා සකසා ගන්නා දිය බත් සහ සුනු සහලෙන් පිළීයෙල කර ගන්නා හුන්සල් බත මේ සදහා කදිම නිඩසුන් වේ. වර්තමාන සමාජයේ භික්ෂූන් වහන්සේලා සදහා පූජා කරන කිරිබත අතීතයේ ද ඒ ලෙසට ම පූජා කරන ලදී.
හෙළ මූලාශ්‍ර වලට අනුව වී ගොවිතැනට අමතර ව හේන් ගොවිතැන ද ඉත ප්‍රකට ව පැවතිණි. එහි දී විවිධ ධාන්‍ය බෝග වවන ලදී. තල, මුං, මෙනේරි, කුරක්කන්, කොල්ලු, කඩල, අමු, යව, පරිප්පු, තණහාල්, උදු, කව්පි ආදී බෝග ඒ අතර ප්‍රධාන වේ. ධාන්‍ය මගින් කැද සහ රොටී වර්ග සකසා ගන්නා ලදීය. ධාන්‍ය යොදා ගනිමින් සකසා ගන්නා ප්‍රධාන කැද වර්ග තුනකි. එනම් ලුණු කැද, කොළ කැද, කිරි කැදයි. අතීත මූලාශ්‍ර අනුව එකල විවිධ කැද වට්ටෝරු වර්ග 300 ක් තිබුනු බව දැක්වේ. ඒ අතර බටු කැද, කොහිල කැද, අබ කැද, පොල්පලා , හාතාවාරිය, ඉරමුසු ආදිය යොදා සකසන කැද වේ. ඊට අමතර ව අඹ, දඹ, බෙලි, දිවුල්, නාරං, දෙහි ආදී පළතුරු යොදාගෙන පළතුරු යුශ ද සකසන ලදී. තව ද එළවලු ද අතීත ගෘහණීය එකල ආහාර රටාවට එක් කර ගන්නා ලදී. ඒ අතර නෙලුම් දඩු සහ අල, කෙකටිය, කොහිල අල සහ දලු, මඩු දලු, අල කොළ, තුඹ, කිරිබදු කොල, වම්බටු, වට්ටක්කා, අලුපුහුල් ආදිය වේ. ඊට අමතර ව කොස් බත් වල ට ආදේශකයක් ලෙස ආහාරයට යොදා ගන්නා ලදී. කොස් තරම්ක් දිරවීමට අපහසු ආහාරයක් බැවින් අතීත ගැමියා කොස් ආහාරයට ගන්නා විට ඒ සමග අඹුල් ආහාරයක් ද එකතු කර ග්න්නා ලදී. ඒ ආහාර දිරවීම පහසු කිරීමට ය. තව ද එකල රාත්‍රී කාලයේ කරවිල සහ පලා වර්ග ආහාරයෙන්ද අතීත ජනතාව වැළකී සිටියහ. කරවිල ආහාරයට ගැනීමෙන් සර්ප දශ්ඨ ආදිය සුව කර ගැනීම අපහසු වන බව ඔව්හු විශ්වස කළහ. පලා වර්ග අනුභවයේ දී ඒවායේ ඇති ආහාර දිරවීම පහසු කිරිම ඉතා වේගවත් කරන නිසාවෙන් ගැමි ජනතාව ඒවා රාත්‍රී කාලයෙ දී ආහාරයට ගැනීම නොකරන ලදී. ඊට හේතුව පලා වර්ග වල අති බඩ විරේක ගුණයයි.
එකල භාවිත කළ එලවලු සහ පලා වර්ග
හේන් වල වගා කළ ධාන්‍ය වර්ග
සත්ත්ව ආහාර ද එකල ජනප්‍රිය විය. නමුත් ගව මාංශ අනුභවය ප්‍රතික්ශේප විය. ගවයා එකල කෘෂිකර්මාන්තය වෙනුවෙන් සිදු කරන සේවය එයට හේතුවක් විය හැකිය. නමුත් මුව මස්, මොණර මස්, ගිරා මස්, වටු මස්, ගෝන මස්, අලු මස් මෙන් ම කුකුලු, තාරා, කැස්බෑ, කලුකුම් බිත්තර අනුභවය ද එකල ප්‍රචලිත විය. ඊට අමතරව මිරිදිය මසුන් ද ආහාරයට එක් කර ගන්නා ලදී. උක් පැණි, හකුරු, මී පැණි ආදියෙන් භික්ෂූන් වහන්සේලාට චතුමධුර සකසා ගන්නා ලදී. තව ද වෙඩරු, ගිතෙල් , මෝරු, දී කිරි සහ කිරි ද නොඅඩුවම භාවිතයට ගන්නා ලදී.
මාලු ඇඹුල්තියල්
මීපැණී සමග මුදවපු කිරි
පසු කාලීන ව බටහිර සහ ඉන්දියනු රටවල් වල ආගමනයත් සමග ලාංකීය සාම්ප්‍රදායික ආහාර රටාව ද බොහෝ දුරට වෙනස් විය. පාන් සහ විවිධ බේකරි කෑම වර්ග, ඉදි ආප්ප, පැටිස්, ආප්ප, බූන්දි, වටලප්පන්, මස්කට් ආදී ආහාර වර්ග පමණක් නොව බීට් රූට්, ලීක්ස්, කැරට්, සහ රඹුටන්, ස්ට්‍රෝබෙරි, ඇපල්, මිදි, අන්නාසි වැනි විවිධ එළවලු මෙන්ම පළතුරු වර්ග ද අපගේ ආහාර සංස්කෘතියට එක් විය. එම පරිවර්තනයත් සමග ම මිනිසාගෙ ශරීරයේ විව්ධ බෝ නොවන ලෙඩ රෝග ද බහුල වී තිබේ. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ තිරිගු පිටි භවිතයයි. කෘත්‍රිම ආහාර පාන වර්ග බහුල ආහාර රටාවෙන් වැළකී පෙර තිබූ වටිනා ගුණවත් ආහාර රටාවකට හුරු වෙමු. අපේම නිවසේ සුලු වශයෙන් හෝ එලවලුවක් හෝ පලතුරක් වවමු. ලෙඩ රෝග වලින් ආරක්ශා වෙමු.
By Rtr. සසනිකා ජයරත්න
Image credits :
Leave a Reply