සමුදුරු සා වැව් වැහිදිය රැඳෙනා එක පිට එක නැඟි රැළි සිය දහසක් මුදු නළ ඇසුරේ සැනහී වැනෙනා ගිනි නිවනා වී පැළ සිය දහසක් ලොවක් දකින නෙත් දෙන මේ අගනා පොත්වල ඔවදන් ඇත සිය දහසක් රළු ගල් බිඳෙනා රත් වී තැලෙනා දිවි දිය වී කම්කරු සිය දහසක් ජනබල රාවෙට අනුනද වෙමිනා මෙළවී එසවෙන අත් සිය දහසක් දින දින නොසැලී පෙරට ම ඇදෙනා රටකට නව සිතිවිලි සිය දහසක් මම මට සිතනා තනි තනි උන් නොව දිනුමට ඕනා අපි සිය දහසක්
By Rtr. නිපුණි කඩුපිටිය
Image credit :
Leave a Reply