
බොහෝ දුර සිට ලියන්නේ මං නුඹේ අල්තීනායි දුයිෂෙන් පොප්ලර් පැළය මට නුඹ එදා දුන් තාම ළපටියි අදත් පෙර මෙන් ඉඳහිට වැඩෙන පුංචි අංකුර සිහි කරාවි ඒ සොඳුරු මතකයන් සිහින තාමත් සිහින පමණයි බොහෝ දුර බව හැඟෙනවා දැන් සිතුනොතින් මට නැවත එන්නට නුඹ තවම අයිලයෙද දුයිෂෙන් දෑස් රිදුනත් බලා ඉඳලම වසන්තය නම් නොඑන පාටයි දිගු කලත් මට අල්ලගන්නට නුඹේ දෑතත් දුරයි දැන් නම් මිදී යන්නට සීත සමයෙන් සිනාසෙන්නට මට එදා මෙන් ගුරු ගීතයේ නුඹ කියූ ඒ වසන්තය තව දුරද දුයිෂෙන්..
By Rtr. සුමුදු තෙන්නකෝන්
Image credit : https://bit.ly/3PCKoQS
Leave a Reply