
බුදුන් තෙමඟුල් සැමරුමක මැද ඈ නමින් දිනක් වෙන් වීම අහඹුවක්ම විය හැකි ද ඉදින් ලියමි කවියක් ආත්මයම දැහැන් ගත වන ඇගේ රුව සිත් දරා ගෙන සැනින් බර විය සිත කෙසේ නම් පද ගළපගන්න ද ඇගේ ගුණ කවි පෙළට ගඟක් උඩුගං බලා ඒවී පිපුණු මල් මුකුලිත නොවේවී දරු පෙම නමින් ඇය පිරූ පෙරුමන්, සියලු සැප අතැර අප නමින් වැළඳ ගත් කඳුළත් කවියකට නැගිය හැකි නම් එනයින් පතමි මුළු හදින් ඈ නමින් නැගෙන එකම එක පැතුමක්… “සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!”
By Rtr. නවෝද්‍යා ලක්සරණි
Image credit :

🥺❤️