
“ ශ්‍රී ලංකාවේ තරුණ විරැකියා ප්‍රතිශතය 25% ක් දක්වා ඉහළට….”
සින්තටික් කරාබුවට ස්ට්‍රේට් කොණ්ඩ සයිඩ් ගහපු කොරියන් හීන දකින අඟලක් නැති විසි පහෙන් එකෙක්.. සද්දෙට කැසට් දාන් එකසිය විස්සට අනුන්ගේ වීල් දුවන මුඩුක්කු හංදියේ විසි පහෙන් එකෙක්.. උජාරුවට ලෝගු දාන් ඩිග්රි ගත්ත ලිප්ටන් රවුමේ බෝඩ් අල්ලන විසි පහෙන් එකෙක්.. හිල් වහලෙට බේසම් තියන් ඉරිදා පත්තරේ ඇබෑර්තු පෙරළන විසි පහෙන් එකෙක්..
2019 වසරේ ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ රැකියාවක, අධ්‍යාපනයේ හෝ පුහුණු කටයුතුවල නොයෙදෙන ප්‍රතිශතය 25.8% ක අගයකට ළඟා වී ඇත.
තම අධ්‍යාපනයට හා හැකියාවන්ට සුදුසු රැකියාවන් සොයාගැනීමට ඇති දුෂ්කරතා හේතුවෙන් තරුණ වයස් කාණ්ඩ ගුණාත්මක බවින් අඩු රැකියාවල නිරත විමට හා ඌණ රැකියා නියුක්ති තත්ත්වයකට පෙළඹීමේ ප්‍රවණතාවය ඉහළ අගයක් ගන්න අතර, එය ඔවුන්ට දරිද්‍රතාවයෙන් මිදීමට හා අර්ථිකයේ සමස්ත වර්ධනයේ කොටස්කරුවන් බවට පත්වීමට ඇති මාර්ග අවහිර කර ඇත.
මේ සිහි කැඳවීම තරුණ ඔබටයි …
By Rtr. දැහැමි ගුණතිලක
Image credits : https://bit.ly/3J7CIlm
Leave a Reply