
Social media! මේ වචනය ඇහුනම ඉහේ මලක් පිපුනා වගේ දැනෙන අය වගේම, ඒ වචනය හිසරදයක් විදියට දකින අයත් අපි අතර ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? ඊට කලින්….. මොකද්ද මේ social media?
සමාජ මාධ්‍ය ජාල, එහෙමත් නැත්නම් social media, එදිනෙදා කටයුතු, දැනුම, විනෝදය, වගේ දේවල් එකිනෙකා අතර හුවමාරු කරගන්න යොදා ගන්නා විද්‍යුත් මාධ්‍යක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරලවම කිව්වොත්, සන්නිවේදන කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍යය භාවිතා කිරීමක් තමයි අපි social media ලෙස හඳුන්වන්නේ. වර්තමානයේ බහුලවම භාවිතා වෙන social media app අතර facebook(මුහුණු පොත), whatsapp, youtube, instagram, twitter, snapchat වගේ app තාරුණ්‍යය අතර ජනප්‍රිය බවක් ගන්නවා.
තරුණ පරම්පරාව අතර මේ social media විවිධ ආකාරයට භාවිතා කරන අය දක්නට ලැබෙනවා. 1. හුදෙක් විනෝදය සඳහාම පමණක් social media භාවිතා කරන අය. තරුණ පිරිස අතරින් 80% ක් පමණම අයිති වෙන්නේ මෙන්න මේ කොටසට. ඔවුන්ට මේ සමාජ මාධ්‍ය වලින් තොර ලෝකයක් නැති තරම්. Social media වචනය ඇහුවම ඉහේ මල් පිපෙන්නේ මෙන්න මේ අයගේ. 2. අධ්‍යාපනික කටයුතු හෝ රටතොට ගැන දැනුවත් වෙන්න social media භාවිතා කරන අය. වැඩිහිටි පරම්පරාව තුල බහුතරයක් මෙහෙම අය වුණත්, තරුණ පරම්පරාව තුළ නම් මෙහෙම අය හරිම අඩුයි. 3. මුලින් කිව්ව කරුණු දෙකම සමබරව පවත්වාගෙන යන ගමන් social media භාවිතා කරන අය.

බොහෝ විට social media භාවිතා කරන අය මේ කොටස් තුනෙන් එකකට අයිති වුණත්, වර්තමානයේ COVID 19 වසංගත තත්වය එක්ක මේ කොටස් තුනට අමතරව තවත් කොටසක් නිර්මාණය වෙලා තියනවා. ඒ තමයි මේ වසංගත තත්වයත් එක්ක සියලු දේ මාර්ගගත ක්‍රමයට සිදු වන නිසා, කරන්නම දෙයක් නැති කමට බොහොම අකමැත්තෙන් වුනත් social media භාවිතා කරන්න වෙන අය. මෙයාලට තමයි මේ social media කියන වචනයම හිසරදයක් විදියට දැනෙන්නේ.
මේ සමාජ මාධ්‍ය ජාල වර්තමානයේ නැතිවම බැරි දෙයක් වුණත්, ඒ නිසාම එය අභියෝගයක් වෙන අවස්ථා ද නැතුවම නොවේ. ඒ අභියෝග ජය ගන්න කෙනා, තමන්ගේ ඉලක්ක කර කොහොම හරි ගමන් කරත්, social media නිසා ජීවිතය විනාශ කරගන්න තරුණ පිරිස් වර්තමානයේ හරිම සුලභයි. බොහෝ විට මේ තත්වයට මුහුණ දෙන්නේ social media තමන්ගේ ජීවිතය කරගත්ත අයයි!
උදාහරණයක් ලෙස, මුහුණු පොත (facebook) අද බොහෝ අය භාවිතා කරන්නේ කැපී පෙනීම සඳහා මාධ්‍යක් විදියටයි. මේ මුහුණු පොතේ බොහෝ අය තමන්ගේ සාර්ථකත්වයේ, ජනප්‍රියත්වයේ මිනුම් දණ්ඩ විදියට සලකන්නේ තමන්ට එහි සිටින මිතුරු මිතුරියන් ගණන, තමන්ගේ පින්තුරයට වැටෙන likes සංඛ්‍යාව වගේ දේවල්. මේ ජනප්‍රියත්වය උදෙසා මිතුරු මිතුරියන් රැස් කිරීමේදී නොදැනුවත්වම තරුණ පරපුර අතර විශාල තරඟයක් ඇති තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට තවත් අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා.

ජනප්‍රියත්වය ලබා ගන්න විලාසිතා, වාහන, ඡායාරූපකරණය මේ සියලු දේ ඔවුන්ට අභියෝගයක්. මුදල් යහමින් ඇති අය මේ අභියෝග ජය ගන්නවා වුණත්, සමහර තරුණ තරුණියන්ට ඔවුන්ගේ ආර්ථික පසුබිම එක්ක අවශ්‍ය මුදල් හිඟ කම නිසා මානසිකව තැවෙන අවස්ථා ද දකින්න ලැබෙනවා. ඔබ නොසිතුවාට, සමහර තරුණයින්ට මෙය ජීවිතයත් මරණයත් අතර තෝරාගැනීමක් කිරීමට තරම් ප්රශ්නයක්ව තිබීම දුකට කරුණක්.
සමහර තරුණ පිරිස් තමන් මිතුරන් අතර කොන් වෙයි කියන බය නිසාත් මේ social media තරඟයට ඇතුළු වෙලා ඉන්නවා. එය ඔවුන් දකින්නේ අභියෝගයක් ලෙසයි. වර්තමානයේ තරුණයන් අතර සුලභව ඇති අදහස් තමයි,
"Phone එකක් නැත්නම් මම යාළුවන් අතර කොන් වෙයි’’ "Instagram / facebook නැත්නම් වැඩක් නෑ” වගේ දේවල්.
සාමාන්‍යයෙන් කෙනෙක් මුල් වතාවට යහළුවෙක් අඳුරගන්න අවස්ථාවේදීත් මුලින්ම අහන්නේ.
"ඔයා whatsapp ඉන්නවද? Number එක මොකද්ද?" "Facebook ඉන්නෙ මොන නමින්ද? " වගේ දේවල්.

ඉතින් මේ විදියට අහද්දී smart දුරකථනයක් නැති ඒ සඳහා මුදල් වෙන් කරන්න අපහසු අය සිත් තැවුලට පත් වෙනවා මෙන්ම, ඔවුන් සිතන්නේ සමාජය සමඟ ගැටීමට නම් social media ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. තමාගේ වටේ සිටින සැබෑ යහළුවන් ගණනට වඩා ඔවුන් වැදගත් කොට සලකන්නේ තමාගේ social media ගිණුමේ සිටින මිතුරන් ගණනයි.
නමුත්, සමාජ මාධ්‍ය ජාලවල මිතුරු මිතුරියන් බොහෝ සිටින තරුණයින්ට තමාගේ ඇත්ත ජීවිතයේ තම වටා සිටින මිතුරන් පිරිස අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු බවක් දක්නට ලැබෙනවා. ඊට හේතුව නම්, ඔවුන් ජීවත් වෙන්නේ වර්තමානයේ රියැලිටිය තුලට වඩා social media තුලින් ඔවුන්ට මවා පෙන්වන ෆැන්ටසිය තුළ වීමයි. දවස පුරාම සමාජ ජාල තුල ෆැන්ටසියක, සිහින ලෝක වල සිටින ඔවුන්ට බාහිර සැබෑ ලෝකය, රියැලිටිය තුල සාර්ථක සම්බන්ධතා ගොඩ නගා ගැනීම විශාල අභියෝගයක්ව තිබෙනවා. කොටින්ම, ඔවුනට ෆැන්ටසිය හා රියැලිටිය වෙන් කර හඳුනාගැනීම ම අභියෝගයක්.

මේ විදියට මේ social media තරුණ පරපුරට විශාල අභියෝගයක් වුණත්, දියුණු වන ලෝකයට හැඩ ගැසීමට තාක්ෂණය අත්‍යවශ්‍ය නිසා ෆැන්ටසියේ සිහින වල අතරමං නොවී ජීවිතයේ රියැලිටිය තේරුම් ගත්තොත් අනාගතය බාරගන්න ඉන්න තරුණ පරපුර වන අපිට ලස්සන හෙටක් හදන්න හැකි බව මගෙ විශ්වාසය යි. ඒත්, එයට social media ජීවිතය වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතය යන දෙකම සමබරව තබා ගැනීම අත්‍යවශ්‍යයි.
රියැලිටිය තේරුම් අරන් පොළොවේ පය ගසා ජීවත් වන මිනිසුන් ලෙස තාරුණ්‍යය නැඟී සිටීමට පටන් ගත් දවසට social media අභියෝගය ඔවුන්ට තවදුරටත් අභියෝගයක් නොවෙන බව නම් ඒකාන්තයි!!
By Rtr. සුමුදු තෙන්නකෝන්
Image credits :
❤️❤️💯