
ශ්‍රී ලංකාවට ආවේණික වූ වඳුරන් විශේෂයක් වූ අප ගැන ඇත්තටම ඔයාලා මොනවද දන්නේ ? “රිලවා” කියන නමේ තේරුම ඔයාලා දන්නවාද? ඔයාලා ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒ වගේ අපේ ලෝකයේ ඔයාලා දන්නේ නැති තව බොහෝ අපූරු දේවල් තියෙනවා.
එහෙනම් අහන්නකො අපේ කතාව….
ශ්‍රී ලංකාවට ආවේණික වූ “ටොක් මැකාක්” (Toque macaque) නැමැති වඳුරු විශේෂයට අයත් ඔබ අප හඳුන්වන්නේ “රිලවා” ලෙසය. “රිලවා” යන නමෙහි අර්ථය වන්නේ හිසෙහි ඔටුන්න හිමි කෙස් කළඹක් ලෙස වන අතර, එය අද්විතීය තොප්පියක් සිහිපත් කරයි. රතු දුඹුරු පැහැයෙන් යුතු ක්ෂීරපායින් වන අපි, වේගයෙන් පැටවුන් බිහි කරමින් රංචු ලෙස ජීවත් වන්නෙමු.
වර්ගීකරණය

අපේ පිළිගත් උප විශේෂ තුනක් ඇත. ඒවා වියළි කලාපය ටොක් මැකාක් හෝ පොදු ටොක් මැකාක් (M.s. sinica), තෙත් කලාපය ටොක් මැකාක් හෝ සුදුමැලි ඉදිරිපස ටොක් මැකාක් (M.s. aurifrons), සහ උස්බිම් ටොක් මැකාක් හෝ කඳුකර ප්‍රදේශයේ ටොක් මැකාක් (M.s opisthomelas) වේ.
තර්ජන

අප විශේෂයන්ට දැන් ඇති ප්‍රධාන තර්ජනය නම් සංවර්ධනය හා නාගරීකරණය උදෙසා දැව හා වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන්, ස්වාභාවික වාසස්ථාන අහිමි වීම සහ වාසස්ථාන ඛණ්ඩනය වීමයි. එනිසා අපට විශාල රංචු ලෙස වාසය කිරීමට ද ඉඩකඩ ප්‍රමාණවත් නැත. තවද දැන් අපට ආහාර සොයා ගැනීමට ද අපහසු වී ඇත. මාර්ග වල නොසැලකිලිමත් මිනිසුන්ගේ අවිධිමත් ලෙස රිය ධාවනය කිරීම් නිසා අනතුරු වලට භාජනය වීම් ද සිදු වේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේ, අප වර්ගයාගේ ගහනය 82%කින් පමණ වැඩි වී ඇත. එයට ප්‍රධාන හේතුව නම්, අපගේ ස්වභාවික ගහනය පාලනය කරන යාන්ත්‍රණය බිඳ වැටීමයි. එම ස්වභාවික යාන්ත්‍රණය පාලනය කරන සාධක ගණනාවකි. ආහාර, ලෙඩ රෝග, විලෝපිකයන්, එකිනෙකා අතර තරගය, කණ්ඩායම් නායකයාගේ ආධිපත්‍ය යන සාධක ඉන් ප්‍රධාන වේ. මේ අතරින් ස්වභාවික තත්ත්ව යටතේ දී ආහාර සම්පත අපව පාලනය කරන ප්‍රධාන සීමාකාරී සාධකය වේ. මෙම සාධක මගින් සෘජුවම අපගේ ගහනය පාලනය කෙරෙයි. අපගේ ආහාර හිඟය නිසා විකල්පයක් ලෙස අපි මිනිස් වගා වලින් එම අවශ්‍යතාවය සපුරා ගන්නෙමු. මේ නිසා ද ඇතිවන හිරිහැර කිරීම් හේතුවෙන් අපගේ වර්ගයාට හානිදායක තත්ත්වයක් උදා වී ඇත.තවද ,මිනිසුන් අපගේ ගහනය පාලනය කිරීමට අල්ලා ගන්නා රිලවුන්ට වඳ සැත්කම් සිදුකරයි. එයින් අපේ ප්‍රජනන හැකියාව අඩපණ කරවයි. වසංගත කාල හේතුවෙන් ද අප රංචුවේ බොහෝ දෙනෙක්ට තම ජීවිත වලින් සමු ගැනීමට සිදු වේ.
සංරක්ෂණය
වර්තමානය වන විට මිනිසුන් අපේ වාසස්ථාන විනාශ කිරීම සහ දඩයම් කිරීම, සුරතල් සතුන් ලෙස වෙළදාම් කිරීම හේතුවෙන් ස්වාභාවික සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (ICUN) විසින් තර්ජනයට ලක්ව ඇති සතුන් ලෙස අපව ලැයිස්තු ගත කර ඇත. අපට මුල් වනාන්තර වාසස්ථාන වලින් බොහෝමයක් අහිමි වී ඇති අතර 1956 සිට 1993 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වනාන්තර ආවරණයෙන් 50% ක් විනාශ වී ඇත.මේ හේතුන් නිසා අප වඳ වෙමින් යන ප්‍රභේදයක් ලෙස දැනටමත් IUCN රතු දත්ත පොතට ඇතුළත් කර ඇති අතර ජාත්‍යන්තරව CITES ඇමුණුම II යටතේ ආරක්ෂා කිරීම සිදු කෙරේ.
By Rtr. රුවනදී කාරියවසම්
Image credits : https://bit.ly/3lPt3aM https://bit.ly/3p9UgXL https://bit.ly/3n7APMn Other images : By Rtr. Ruwanadi Kariyawasam References : https://en.wikipedia.org/wiki/Toque_macaque https://www.dilmahconservation.org/about-animals/mammals--f9925cffabdd604dfab150bbcb49f2a8/toquemacaque--7fc570b4e4a8715ef0303e35ef4879b0.html
Nicely written! 🤎
very organized and informative ❤️❤️
♥️♥️
Wow… Amazingggg😍🥰