
මිහිමව් වසා නිල් පැහැයෙන් බැබලුණ ද හිමිවන පමණ අපහට කෙතරම් හිඟද පණ නළ ගැහෙන අප හැමගෙම හුස්ම පොද පවස නිවන දිය පොද හා සම නොවෙද මිනිසුන්ගේ නොමිනිස්කම් නිසා අද වසවිස මුසුව අහිමිව ඒ දිය පොද ද දුරු කතර ගෙවා සොයමින් ජල බිඳක් සොඳ යන උන් දකින ගල් හිත් උණු නොවන්නෙ ද ලෝ තතු එසැණ අත්ලට පැමිණෙන කලෙක මිනිස්කමට ඉඩ අහිමිව හැම තැනෙක මසුරුකමින් ඇලලී ගොස් ඇති ලොවක යන කල දවස බියකරු වනු ඇත නිසැක කම්හල් මුදා හරිනා විස රසායන අපජල කොටස් මිනිසුන් හැම ඉවතලන කරනා මෙවන් නොපනත්කම් දැන නොදැන වකුගඩු යදිනවුන් වැඩි වෙයි දිනෙන් දින ඇතිමුත් නීති වළකන්නට මෙවන් ක්රියා සිටිනා අපූරුව ඒවා පසෙක තියා උස් තැන්වලට මේ දුක නෑසෙනා නියා සිටිය හැකිද අප හට ඇස්දෙකන් පියා පවස නිවන දියපොද වියැකෙන ලොවක නොවී පමා තව දින දින වී පසෙක තම හැකි පමණ පුරුක් විලස දම් වැලෙක එක්වෙමු රකිමු නොතැවෙන්නට මතු කලෙක
By Rtr. චලනි විජමුණිගේ
Image credit : https://bit.ly/3mM6yCU
ඇසට කනට නොව හදවතටම ආමන්ත්රණය කළ වදන් පෙළකි !!!