
වැදූ මව් මෙන්ම සෙනෙහසින් අපමණ ප්‍රේමයෙන් දිවියට අවැසි සියලු දේ ලබා දුන් මිහි මවුන් සෙමින් ඉකියක් තැබුවා ය
ගංඟා සමුදුරු කෙළෙසන විට තුරුවැල් නසන විට සිදුවන විපත දැක ඇය නොමිනිසුන් වූ මිනිසුන් වෙනුවෙන් සෙමින් ඉකියක් තැබුවා ය
අහස හැඩ කරන කුරුල්ලන් තේජවන්ත හස්ති රජුන් තම තුරුලේ මියෙන බව දැන ඇය සෙමින් සුසුමක් හෙළුවා ය
ගත රුහිරු කිරි කර නොපෙව්වත් ඔබ මා උපන් දා පටන් අප සැනසූ අප නැලවූ මිහි මව ඇය රකින්නට නොහැකි නම් දිනෙක සියලු දෙන මියෙන බව දැන සෙමින් කදුළක් පිට කළා ය
ඉඳ හිට දඬුවමක් දුන්නත් එයින් පලක් නොවන බව දැන රකින්නට යයි හඬ ගා කියන්නට බැරිම තැන ඇය දිනෙක ඔවුන් පසුතැවෙන බව දැන සෙමින් සුසුමක් පිට කළා ය
අප තවත් ප්‍රමාද නොවන බැව් දැන තවත් ජිවිත දහස් ගණනකට හුස්ම දෙන්නට බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් බලා සිටිමින් මිහි මවුන් සිහින් සිනාවක් පෑවා ය
By Rtr. සුමුදු තෙන්නකෝන්
Image credit:
Heart touching!😍❤❤