
හැට්ට කර අස්සෙන් හැම උදේකම
පෙනුණ ඇඟිලි පහ සලකුණු සඟවන්න
වෙහෙසුණු තරම හංගා කදුළු කැට
කිව්වා අපිට ඈ විඳි දුක් කරදර බෝම
නාලාගිරි මෙන් රා කළෙන් මත් වුණු
හැම රෑකම ඔහු ආවා ගෙට වී කුලප්පු
නසන්න ගෙදර බුදුන් අපෙ දුක් නිවපු
සොයාගනු බැරි විය දෙව්දත් ඔහුව එවූ
එදා මහා රෑ යාමේ ඉවසනු බැරිම තැන
මන්නෙ අතට ආවේ මටත් නොදැනිම
නාලාගිරි දමනය කර පෙළහර පාන්නට
අම්මේ,
බුදුන් නොවෙයි මම නුඹෙ පොඩි පුතු තාම
යකඩ කූරු අස්සෙන් නුඹ පෙනුණු
දවස් අනන්තයි ඔහුවත් සිහි වුණු
අප්පොච්චිගේ මරණෙට වගකිය යුතු
මධුවිතයි අම්මේ මමත් එදා රෑ තොල ගාපු
By Rtr. පවන්ති සුදසිංහ
Image credit: https://bit.ly/34nruag
Leave a Reply