නිමක් නැත, දියුණුවේ නිමක් නැත.
අහස, පොළොව, මහ මුහුද
මිහිපිට හැම බිම් අඟලක්ම
ජයගත්තාට වැඩක් නැත.
පරණ දේ හොඳයි, අලුත් දේ නරකයි
කියමින් කෑ ගැසුවාට වැඩක් නැත.
නොදනිමින් පරිණාමීය අනුවර්තනය
තිරසාර සංවර්ධනය.
හඳුන් දිවියා, කළු කොටියා
හඬති බලමින් දෙව්ලොව සිටතම
මවට ද්රෝහිවූවන් අතින්
සෙමින් මියෑදෙන ඇත් රජුන් දෙසට
ඇගේ දරුවන්ගේ කඳුළු
තැකුවෝතින් සුළුකොට
කුපිත වෙයි සොබාදහම් මව
කළ පිටුපෑමට
හිනැහෙමින් කට කොනින්
අපේ මාන්නයට
ගනු ඇත ඇගේ තීරණය
“කවුරුන්ද මීලඟට?”
By Rtr.චාමි කාරියප්පෙරුම
වර්තමානය වන විට පෘථිවිය ජෛව විවිධත්ව අර්බුදයකට මුහුණ පාමින් සිටියි. මෑත කාලීනව සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම ස්ංසිද්ධියට අදාලව සත්ව විශේෂ මිලියනයක් පමණ, ස්වාභාවික වේගය මෙන් සිය ගුණයක වේගයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මීට ප්රධාන හේතු ලෙස දැක්වෙන්නේ වන විනාශය, සතුන් විශාල ප්රමාණයන්ගෙන් දඩයම් කිරීම, පරිසර දූෂණය සහ විවිධ මිනිස් ක්රියාකාරකම් නිසා ඇතිවන දේශගුණික විපර්යාසයි.
Image Credit: https://bit.ly/31TH2Sg
Reference: nationalgeographic.com/science/article/mass-extinction
Leave a Reply