දැන් හරි දිගයි දවසත් ඒ ඇයි මන්දා
දවස ම ගෙවෙයි ඩිජිටල් තිර නෙත රන්දා
නිහඬව හෙළන සුසුමක් සුළඟක බන්දා
බොඳ වූ සිහින සිතුවම් කඳුළින් ඇන්දා
රසබර තෙපුල් අමුණා සොම්නස ගල්වා
දවස ම සිනහ සයුරක නිති සිත ගිල්වා
ගෙවු ඒ සොඳුරු සැමරුම් මතකෙන් අල්වා
යළි එනු ඇතැයි සිතමින් ඉමි නෙතු දල්වා
සිරවී බිත්ති සතරක කෙලෙසින් ඉම්දෝ
වැලපෙන පැතුම් හද කිකලෙක පවසම්දෝ
පාළුව දරා කෙලෙසක නම් සැනසම්දෝ
මේ නියගයට පසු රන් වැහි පැතිරෙයිදෝ
දහසක් සුබ සිතින් පොදි බැඳි සිහින පොදී
මිලින ව කෙමෙන් සැඟවෙයි ඈතකට ඇදී
පෙර ලෙස දිවි ගමන සවි ලැබ දෙමින් රැඳී
හැකිවෙ ද යළිත් නැඟුමට මියැදුමට නොදී
By Rtr. සහශ්රා දිනසිරි
Image Credits:
Leave a Reply