
නුදුරු දිනකදී ම ගෙවී අවසන් වන විශ්වවිද්‍යාලයේ පළමු වසර පිළිබඳ ව මෙසේ මතකාවර්ජනයක් කිරීමට
සිතුවෙමි…
2020.01.17 මගේ පමණක් නොව අප පළමු වසර සියලු දෙනාගෙම ජිවිතයේ කිසිදා අමතක නොවන දිනයක්. ඒ අපව
විද්‍යා පීඨයට බඳවා ගත් දිනය. එතැන් සිට තවත් මසක කාලයකට පසු අප යළිත් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ
orientation වැඩසටහන සඳහා යි. විද්‍යා පීඨය තුළ අධ්‍යයන සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු වන ආකාරය
මෙන්ම එහි සංස්කෘතිය පිළිබඳ ව අප දැනුවත් වන්නේ එම වැඩසටහන් මාලාව තුළින්. මෙම කාලය තුළම පළමු වසර
සඳහා වන ඉංග්‍රීසි පාඨමාලාව ද පැවැත්වූ බැවින් අප orientation සඳහා සහභාගී වූයේද ඒ සඳහා වෙන් කර තිබු
කණ්ඩායම් වශයෙන්. මේ නිසා batch එකේ සියලුම දෙනාව දැන හඳුනා ගැනීමට අවස්ථාව නොලැබුණ බැවින්
අධ්‍යයන කටයුතු ආරම්භ වන තුරු අප බලා සිටියේ batch එකේ සියලු දෙනා හඳුනාගැනීමටත් orientation එකේදි
ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන් පැවැසූ නානාප්‍රකාර වැඩසටහන් සංවිධානය කරමින් ඒ විශ්වවිද්‍යාල
සහෝදරත්වය සැබැවින්ම අත් විඳීමටත් ය.
එසේ දුටු සිහින වලට කණ කොකා හඬන්නේ මෙවැන් පසුබිමකයි. ඒ orientation අවසන් වීමට පෙර දින රාත්‍රියේ
ප්රවෘත්ති විකාශයේ පළ වූ පුවතක් සමඟින්. “ නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවෙන් හමු වේ”.
හදවත මොහොතකට නතර වුණා සේ දැනුණත් ඊළඟ දිනයේ වැඩකටයුතු අවලංගු කරන බවක් නොදැන්වූ නිසා
පහුවදා අප විශ්වවිද්‍යාලයට ගියේ එදිනට යෙදී තිබූ ඉංග්‍රීසි පාඨමාලාවට අදාළ නාට්‍යයක් ඉදිරිපත් කිරීමට. ඒ
මාර්තු 13 වන සිකුරාදා 11 වන ඉංග්‍රීසී කණ්ඩායමට අමතක නොවන තවත් එක් දිනයක්. එදා තරම් මෑතකදී මා
සිනාසුණු දිනයක් සිහි කිරීමටත් අපහසු තරම් ය.
පහනක් වඩාත්ම දීප්තිමත්ව දැල්වෙන්නේ එය නිවී යාමට ආසන්න වන විට යි.
මාර්තු මස 16 වන දින අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබුණත් නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලය වසා දමන්නේ මේ වන තුරු අප සියලු දෙනාට යළිත් එලෙස එකතු වී විනෝද වීමට අවස්ථාව අහිමි කරමින්.
ශිෂ්‍යයන්ට මෙන්ම ආචාර්යවරුන්ටද නුහුරු නුපුරුදු අත්දැකීමක් වූ online lectures ඔස්සේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට එබැවින් අපට සිදු විය.
නිවසට වී තනිවම පරිගණකය ඉදිරියට වී ඉගෙන ගැනීම ඉතාමත් නීරස වුවත් අතරින් පතර සිදු වූ රසවත් සිදුවිම් ද නැතුවා ම නොවේ. පරිගණක තිරය ඉදිරියේ නිදි කිරා වැටෙන මොහාතක එක් වරම rap, rock, කර්ණාටක, උත්තර භාරතීය මේ සියලු රස මුසු වූ අමුතුම ලීලාවකින් අපගෙ ආචාර්යතුමාගේ හෝ තුමියගේ කට හඬ ඇසෙන්නට පටන් ගනී. දුර ඈත තිබෙන සිග්නල් කණුවකට මා එතරම් පෙම් කළ දිනක් මෙන්ම වෛර කළ දිනක් ද නැති තරම් ය. කිසිඳු බාධාවක් නොවී lecture එක කෙරී ගෙන යන දිනෙක නම් හිටි හැටියේ කිසියම් පුද්ගලයෙකු මර ලතෝනි දෙනු ඇසේ. එසේත් නැත්නම් බල්ලෙකු විලාප නගණු ඇසේ. චූන් පාන් රථයක් lecture එක මැද්දෙන් ගමන් කරන්නාක් මෙන් දැනේ. සහෝදර ශිෂ්‍යයෙකුගෙ mic එක unmute වී ඇත. තවත් විටෙක හදිසියේම on වන කැමරාවක් නිසා විසූක දස්සන නැරඹීමට ද අවස්ථාව හිමි වේ. මේ ආකාරයෙන් සාමාසික දෙකෙහිම අධ්‍යයන කටයුතු නිමා වී ඇත. දින කිහිපයකින් second semester exam ය. විශ්වවිද්‍යාල ජීවිතයේ පළමු වසර මෙසේ අවසන් වීමට නියමිතය.
පාඩම් කරමින් සිට මනෝ ලොවක සැරි සරන විටෙක අප මියුරු දැහැනේ ගී කියමින් විනෝද වූ සැටි සිහි වේ.
orientation අතරතුර සිදු වූ රසවත් දේ සිහි වී තනිවම ම සිනහ නැඟේ. ඇඟිල්ලක්වත් ගැනීමටවත් ඉඩක් නොමැති
common එකේ සිට සියලු දෙනා සමඟ තරගයට ආහාර ගත් සැටිත් හදිසියේ ම බත් පත මතට කඩා පහත් වන
නාදුනන අතකින් එහි තිබූ බිත්තර, chicken, මාළු සියල්ල ඩැහැ ගන්නා සැටිත් සිහි කරමින් අද තනිවම බත් පිඟානක්
ලෑටි ගාමි. එදා කුස නැතත් සිත පිරුණු සැටි සිහි වී තනිව සුසුම්ලමි. එසේ සුසුම් තනියට ළඟ තබා ගෙන මෙම ලිපිය
ලියමි.
ළඟ ළඟ පැමිණෙන විභාගය සඳහා නොබැලූ lecture notes තොගය සිහි වී මෙලෙස ලිපිය ලියා අවසන් කරමි.
By Rtr. නවෝද්‍යා ලක්සරණි.
Leave a Reply