ලොවම අරුමයක් වී පෙනෙයි – සිතින් මවාගත් මේ ලෝකයේ
අකුරු කළ මව් පිය ගුරුන් වැරදියි – හරි උනේ මේ විෂ විතරනේ
ඇයත් අසරණය ඔහු හා පැමිණි – මතට ඇති ආලය නිසා අපමණේ
ප්‍රශ්න බාධක මුකුත් කම් නැත ඉතින් – පාවි පාවි ගෙවෙන අඩ පැයේ
පමා වී හරි එන වසන්තය දෙස – හෙළන බැල්මකි අඩවන් නෙත් දෙකේ
වරද වැටහී පියමනින විට – ඒ සොඳුරු ජීවන මංසලේ
ඔවුන් ආගිය තැනක් වත් නැත – තමන් ආලය කළ පෙර දිනේ
රවීෂා නෙත්මිනි
තරුණ ප්‍රජාව ශීඝ්‍රයෙන් වෙළාගනිමින් පැතිර යන මත් උවදුරු එදත් අදත් හෙටත් එක සේම පැතිර යමින් පවතී. ලෝකය කොපමණ දියුණු වුවත් තාරුණ්‍යය ඊට බිලිවීමේ සම්භාවිතාවය අඩු වීම කෙසේ වෙතත් වැඩි වීම සිදු වේ. බොහෝ විට කාලයත් සමඟ ඔවුනට වරද වැටහුණත් ඒ වන විට කනගාටු වීම හැර ඔවුනට වෙන විකලක්පයක් නොමැත. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා ඵලක් නොමැති බැවින්, තම ආදරණීයයන් වෙනුවෙන් ආකල්පමය වෙනසක් සිදු කර ගනිමින් මෙවන් විපත් වලට බුද්ධිමත්ව මුහුණ දීමට හැකි තාරුණ්‍යයක් බිහි කිරීමට පෙළ ගැසෙමු…
Image credits:
Leave a Reply