කනට නොගත්තා දුන් හැම අවවාද
මට වඩා දන්නේ කවුද ගැන ජීවිතය
අඩු වයසින්ම ගත්තා බාරියකුත් සහේට
එදා ඉඳන් වැඩි වුණා ගෙයි අඬ දබර
නැත්ද ජීවිතයක් මටත් කියා විඳින්න
වයසක උන්දැල එක්ක බෑ තවත් මෙහි වසන්න
කාසිත් නෑ දෙන්න ඩිස්පැන්සෙරියටම ඔච්චර
කියා පිටමං කළා දෙදෙන යන තැනකට යන්න
හුස්ම ගිහින්ලු තාත්තගේ ඉස්පිරිතාල ඇඳක් උඩ
වාවන්න බැරි තැන පැළිලලු අම්මගේ පපුව
දැන් ඉතින් පරක්කුයි ජීවිතේ යළි හැරෙන්න
මම යද්දිත් ඉවරයි කරලා කටයුතු අවසාන
පවන්ති සුදසිංහ
තරුණ වියේදී අපි කවුරුත් වගකීම් අඩු සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට කැමැත්තෙමු. “අපි දැන් තරුණයි, අපිට වැඩිහිටි අවවාද මොකටද? අපිත් ජීවිතය ගැන දන්නවා.” මෙවැනි හැඟීම් දැනීම් තරුණ කොයි කාටත් පොදු ය. එහෙත් සත්‍යය අපිට පෙනෙන දේ හෝ දැනෙන දේ හෝ නොවේ. විශේෂයෙන් අපගේ දෙමාපියන්ගේ අවවාද අනුශාසනා කවදත් අපිට වටිනා කියන සම්පත්ය. කුමන තරාතිරමක, කුමන සමාජ තත්වයක ජීවත් වුවද තරුණ අපට වඩා මේ ජීවිතය පිළිබඳව දස දහස් ගුණයකින් ඔවුන් දැනුවත් ය.
අපිට පෙර ඔවුන් මේ ජීවිතය විඳ ඇත. අප පසු කරන විවිධ අවස්ථා අපට පෙර ඔවුන් පසු කර ඇත. එම නිසා දෙමාපිය වැඩිහිටි අවවාද පිළිගන්න. ඔවුන්ව කරදරයක් ලෙස හෝ බාධකයක් ලෙස හෝ නොසලකන්න. ඔවුන්ට හොඳින් සලකන්න. පසු කාලීනව කළ කී දෑ ගැන කනගාටු නොවී තරුණ විය ආදරණීයන් සමඟ අර්ථාන්විතව ගත කරන්න.
Image credit:
Yashodhara says
ලස්සනයි♥️😥
pavanthi says
Thank you yashodhara
Chamaru Bambaravanage says
Touched 😐♥️