
හිරු ද ඇවිදින් සඳුත් ආවත් දන්නේ නැති
පියවි සිහියෙන් මෙලොව වාසයක් නැති
අතැඟිලි දුරෙන් මුළු ලොවක් හා ගැටෙති
මව්පියන් පවා මතකයෙන් ගිලිහිලා යති
වෛරය දලු දා වැඩෙන්න සිත ඇතුළට පොහොර දෙන
වරු ගණනින් වියරු සිතින් අන් අය වෙත පහර දෙන
Gaming කියා ලොව වනසන වෛරසය
යොවුන් අඹරට පෑයූ අමාවක නොවෙ ද?
අනුජිතා කහදුව
වර්තමානයේ සමාජ මධ්‍ය භාවිතා නොකරන පුද්ගලයෙකු සොයා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක්. ඒ අතරින් තරුණ සමාජය තුළ නම් එවැනි පුද්ගලයෙකු සොයා ගැනීම කිසිදිනෙක කළ නොහැකි දෙයක් කිව්වොත් වඩාත් නිවැරැදියි. අපේ යාළුකම් ශක්තිමත් කරන අපේ තනිකම නැති කරන මේ සමාජ මාධ්‍ය, තාරුණ්‍යය සතු මහඟු සම්පතක් ලෙස පෙනී සිටියද ඇත්තටම මෙය වෙස් වළා ගෙන පැමිණි සතුරෙකු ලෙස මම හඳුන්වන්නෙමි. අපි පැය ගණනක් මේ සමාජ මාධ්‍ය තුළ කාලය ගත කරලා දහස් ගණනින් මිතුරුකම් ගොඩ නඟා ගත්තද මේ සමාජ මාධ්‍ය නිසා අපිට අපිව වැඩියෙන්ම අවශ්‍ය අපේ ළබැඳියන් මඟහැරී යනවා. ඔබ නිවසේ ගත කරන දවසක ඔබගේ දෙමාපියන් සමඟ කොපමණ කාලයක් ගත කරනවා ද? එම කාලය මෙන් කී ගුණයක් සමාජ මාධ්‍ය වල ගත කරනවාද ? ඔවුන් හැර ගිය පසු ඔබට ඔබගේ වරද හඳුනාගන්නට හැකියාව ලැබේවි නමුත් එවිට ඔබ ප්‍රමාද වී හමාර ය.
පරිගණක ක්‍රීඩා තරුණ ජවය, බුද්ධිය හා කාලය දරුණු ලෙස විනාශ කර දමන සර්පයෙකු ලෙස වුවද හැඳින්විය හැකි ය. සිත් තුළට වෛරීය අදහස් කාවද්දන සමාජයට නොපෙනන, තරුණ ප්‍රජාව තවමත් හඳුනා නොගත් බොහොම බරපතළ වෛරසයක් ලෙස ද හැඳින්විය හැකි ය. මේ, සමාජ මාධ්‍ය ජාලාවල, පරිගණක ක්‍රීඩා වල තමන්ගේ ජීවිතේ වටිනාම කාලය කා දමන තරුණ ප්‍රජාව අවදි කර, ඔවුන්ගේ ජීවිතේ සෑම තත්පරයක්ම ඵලදායි ලෙස ගත කිරීමට යොවුන් හද අඹරට කෙරෙන ආයාචනයයි.

Image credits:
Leave a Reply