ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපළට ගන්න අවසරය පැතුවාට
විකසිත පෙම් පොකුරු පියුම් ඇගේ පයට පොඩි වී ගියාද
ඇය නොමැති ජීවිතේ දැල්ල නැති පහනක්ද
අමාවක රැයක සේ දිවි මඟම අඳුරුයිද
ඒ අඳුර නසනු බැරි පහනෙ ඇති පල කිමද
කියා දිවි පහන මරු කටට ඔබ හෙළනවද
මතක නැති යමක් මා මතක් කර දෙන්නම් ද
දිලෙන හිරු පෑයුවෙත් අමාවක අඹරට ය
නවෝද්‍යා ලක්සරණි
ආදරයෙන් පරාජය වීම හේතුවෙන් සියදිවි නසා ගැනීම් වර්තමාන සමාජයේ අසන්නට දකින්නට ලැබෙන සුලබ ඛේදනීය සිදුවීමක්. මෙලෙස අකාලයේ තරුණ ජීවිත විනාශ විය යුතුද? සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික ප්‍රේමයක් කෙසේ නම් අපේක්ෂා කරන්නද…?
අපගේ ජීවිත කාලය තුළ කාණ්ඩ ද්විත්වයක පුද්ගලයන් මුණ ගැසෙන බව මා අසා තිබෙනවා.ඉන් එක් පිරිසක් අප සමඟ රැඳෙන්නන් වන අතර අනෙක් පිරිස අපව හැර ගොස් ජීවිතයේ වටිනාම පාඩම් කියා දෙන්නන්. ඒ අනුව අපට මුණ ගැසෙන ඕනෑම පුද්ගලයෙකු, අපට වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු ලෙස හෙට දිනයේ ජීවිතයට මුහුණ දීමට උපකාර වන බව වටහා ගත යුතුයි. එය ඔබේ පෙම්වතා/ පෙම්වතියට ද එලෙසින්ම අදාළ වේ. ඔහු හෝ ඇය ඔබව හැර යන්නේ නම්, ඒ ඔබට ජීවිතය විනාශ කර ගැනීමට නොව මෙතෙක් ඔබ සිහිනෙනුදු අත් නොදුටු ලොව සුන්දරතම ප්‍රේමය ඔබට ලබා ගැනීමට ඉඩ හසර සැලසීමට විය හැකිය.
ඉතින්, මේ තරුණ ඔබට ජීවිතය පිළිබඳව නැවත සිතා බැලීමට යොවුන් හද අඹරට උදා වෙන අවස්ථාවයි.
Image credits:
Dewmini says
❤❤
Navodhya Laksarani says
Thank you❤️