ඩිංග ඩිංග හම්බ කරපු සල්ලි පුතේ උඹට
දුන්නේ අපි දැකගන්නයි පුතේ උඹගෙ සතුට
කුඩු කරලා මාළිගාව යකඩ ගොඩක් යටට
මේකද උඹ උරුම කළේ රත්තරනේ අපට
යම්තම් දහ අට පිරෙද්දි ඉලන්දාරි කමට
මෝරන උඹ දැකලා දිනුවා ලෝකෙම හිතට
කොලුකම හින්දයි ඉවසුවෙ වාරණ ඇයි මොකට
මේකද උඹ රත්තරනේ දිනාගත්තෙ උඹට
දකින දකින හැම මොහොතෙම උනන කඳුළු ඇහැට
හීනයක් වගෙයි තාමත් හිරිවැටිච්ච හිතට
පුංචි කාලෙ හදාපු හැටි ළං කරගෙන ළඟට
තාමත් පින් දෙනවා රත්තරනේ උඹෙ රුවට
ඉෂංක දේශප්රිය
ඔයා වෙනුවෙන් හීන දකින අය මහ ගොඩක් ඉන්නවා. ඔයා ගැන ඔයාටත් වඩා හිතන අය මහ ගොඩක් ඉන්නවා. ඔයා නොදන්නව උනාට, ඔයාගෙ අප්පච්චිත් ඒ වගෙ ඔයාට බොහොම බොහොම ළෙංගතු කෙනෙක්.” අප්පච්චි රළුයිලු, සංවේදී නැතිලු, කවදාවත් අඬන්නෙ නැතිලු.”ඕං ඔය විදියට හිතල කවදාවත් ඔයාගෙ අප්පච්චිව පරීක්ෂා කරන්න හිතන්නවත් එපා. එදාට ඔයා ඉන්න තැනක ඉඳන් දකීවි, තේරුම්ගනීවි ඔයා “මුළුමනින්ම වැරදියි නේද” කියල …මොටෝබයිසිකලයද ? අප්පච්චිද ? තීරණය ඔයාටයි !
Image credit:
Leave a Reply