
තවමත් විඳිමි මා මනසින් ඒ සුන්දරත්වය මෙලෙස දිගහරින්නම් ඔබට අවිහිංසක මුහුණු පොඩි දහසක් බලාපොරොත්තු රැඳි ඒ ඇස් අතරමං කරවීය මා මගේ පාසල් මතකවල අයියේ අක්කේ කියන්නේ ඔවුන් කටපුරා හරිම සෙනෙහසින් ආදරෙන් English කියද්දි ඇඹුල් වෙන ඒ මූණු Interval කියද්දි පිපී එන ලස්සණ ගැමිකම පිරිච්ච ඒ දඟමලු පුංචි ඉඩකින් පවා සෙල්ලමටමයි හිත අමතක කරන්නම බැරි ලකේට තිබුණු ගමේ කෑම වේල මිනිස්කමේ සුවඳ දැනවීය අපට එක දවසින් මේ තරම් මතක ගොන්නක් මටම පුදුමයි නගරයේ සල්ලිකාර සැන්ට් සුවඳට වඩා එදා විඳි ගැමි සුවඳ හැබෑවටම සුවඳයි ආයෙත් යන්න ඇත්නම්...
චලනි විජමුණිගේ


So heart touching!🥺 And nicely put into words♥️
Great work!!🥺🔥
Beautifully written ! 🥺♥️
Heart touching ❤
Brings back memories ❤
Thankz dala❤
Great work. 👍❤️
Amazing words😍
Cheer up for your real human words❤☝️🙏
Wow geart 👌❤️
Mind blowing 😍 excellent 👍 keep it up akkiyoo 💕💕💕