
කොවිඩ් නම් ලද
වසංගතයක්
යක්ෂයෙක් ලෙස වෙස් අරන්…
කුරිරු දඬුවම්
ලබයි ලෝකෙම
මිනිස් ජීවිත බිලි අරන්…
ලැබුණු දුක්ගිනි
දැනුණු බියගිනි
දෑස් තුළ නිති මෝරමින්…
අවනඩුව මේ
කියනු රිසි අද
සිතයි මෙලෙසින් යැද දෙවුන්…
කිසිම කලෙකට
මෙවැනි විපතක
දසුනවත් නෙත නොමගැටෙන්….
නෙත්මි තාරිකා
The last few words 🔥