
ඇත්තටම අද මුළු ලෝකයම වෙළාගත්ත කොවිඩ් 19 කියන මේ වසංගතය හින්දා මිනිස්සු කී දාහක් දුක් විඳිනවද?. ඇත්තටම මේකට විසඳුමක් නැද්ද කියන එක අද වෙනකොට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ලෝකේ බලවත් රටවල් උනත් මේ දරුණු වසංගතය ඉස්සරහ කොච්චර අඩපණ වෙලාද කියනවනම් ඔවුන්ටවත් තාම මේ ගෙවිච්ච කාලය ඇතුළත අඩුම තරමේ එන්නතක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා.
දවසින් දවස මිනිසුන් එක්කෙනා දෙන්නා මේ කොවිඩ් වැළඳුණු රෝගීන්ගේ ගොඩට එකතු වෙනකොට ඇත්තටම වෛද්‍යවරුන්ට පවා ලොකු දුකක් කලකිරීමක් දැනෙනවා. මොකද අද මෙහෙම නම්, මේ වගේ ලොකු රෝගීන් පිරිසක් වාර්තා වෙනවනම්, හෙට කොයි වගේ වෙයිද මේ රෝගය උග්‍ර ලෙසම වැළඳුණු රෝගීන් කොහොමද සුව අතට හරවන්නේ කියලා හිතේ චකිතයක් ඇති වෙනවා. මොකද අපිට මේ රෝගය සම්පුර්ණයෙන්ම සුව කරන්න තරම් නිශ්චිත ප්‍රතිකාරයක් නැතත් අපි මේ වසංගතය සමාජය පුරාම ව්‍යාප්ත වෙලා යන එක වළක්වාගන්න නම් මේ රෝගීන්ගේ රෝගී තත්ත්වය පුළුවන් තරම් අවම කරගන්න අවශ්‍යයි.
ඇත්තටම ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට අපේ රට ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන්. මොකද අපි මේ වසංගතයට එරෙහිව බොහෝ වැඩපිළිවෙලවල් යොදලා තියෙනවා. දවසකට PCR පරීක්ෂණ 8000 කට ආසන්න ප්‍රමාණයක් වගේ කරනවා. ඒවායින් එන ප්‍රතිඵල ඔස්සේ ක්‍රියාත්මක වෙලා මේ රෝගී තත්ත්වය වැළඳී ඇතැයි තහවුරු කරගත්තු රෝගීන් වහාම සොයා ගිහිල්ලා ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරලා ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ඒ අරගෙන තියෙන වැඩපිළිවෙලවල් සඳහා යොමු කරනවා. මේක ලොකු අවදානම්කාරී තත්ත්වයක්. ඉතිං හැමෝම මේ අවස්ථාවේදී ගොඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න අවශ්‍යයි.
මේ තත්ත්වයන් කෙසේ වුවත්, මේ කොරෝනා වසංගතයට එරෙහිව ජීවිත හා සටන් කරන මිනිසුන් බේරා ගන්න උරදෙන වෛද්‍යවරුන්, හෙද නිලධාරින්, සෞඛ්‍ය ආරක්ෂක කාර්ය මණ්ඩල , ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම පාර්ශවයන් ගන්නා මේ උත්සාහයට අප ණයගැති වේ. ඒ වගේම අපේ වගකීමක්, යුතුකමක් ලෙස මේ වාතාවරණය මත මේ වසංගත තත්ත්වය මැඬලන්නට සෞඛ්‍යවත් පුරුදු අනුගමනය කරමින් සෞඛ්‍යවත් ජීවන රටාවක් අනුගමනය කළ යුතුයි. මොකද අපි අනෙක් උදවිය ගැනත් හිතලා බොහොම විමසිලිමත්ව කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා හැමතිස්සෙම අපි මේ කොරෝනා උවදුර තුරන් කරන්නට අවශ්‍ය පියවර ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්න ඕනි. එතකොට තමයි අපිට මේ උවදුරෙන් ගැලවිලා සුපුරුදු පරිදි අපේ ජීවන රටාවට හැඩගැහෙන්න පුළුවන් වෙන්නේ.
නෙත්මි තාරිකා
Leave a Reply