
අන්ධකාරය වෙලුණු මොහොතක
දැනෙන සුළඟෙද පහස විඳගෙන
පුළුවනිද රිසි සේ සරන්නට
ඇයට, මේ දැවෙන අහස යට
ඇයගේ නිදහසට වැට බැඳපු සමාජයක්
නොවේ කිසිදිනක ඇයට අත්වැලක්
අඳුරේම වුවද දල්වයි පහන් එළියක්
සිතුවිලි වලින් පොහොසත් මනුසත්කම්
අනුජිතා කහදුව
කාන්තාවට මෙරට තුළදී නිදහස අහිමි වීම, බොහොමයක් දෙනා මේ රට අතහැර යාමට හේතුවක් වේ. සමාජයට එතරම් මේ කරුණ නොදැනුණාට එය රටක පිරිහීමට බලපාන සාධකයක් වේ. බටහිර රටවල් වලදී මධ්‍යම රාත්‍රියේ පවා කිසිඳු කරදරයකින් තොරව කාන්තවකට සැරිසැරීමට අවස්ථාව හිමි වේ. එහෙත් මේ අහස යට එවැනි දෙයක් සිතීමටවත් අපට නොහැකිය. මෙය පහසුවෙන් නිවැරැදි කළ හැකි දෙයක් නොවේ. කුඩා කල සිට මනා යහපත් සිතුවිලි වලින් පොහොසත් පරිපූර්ණ මිනිසුන් වීමට සියලු ලක් වැසියන් පුහුණු කළ යුතු වේ. එවිට සමාජයේ හුස්ම පොද බඳු වූ කාන්තාවට, ඇයගෙ ජිවිතය නිදහසේ විදීමට හැකි සමාජයක් බිහිවනු ඇත.
මේ අප රට සතු අවිධිමත් සමාජ රටාව හේතුවෙන් නිදහස අහිමි වූ ඇය වෙනුවෙන්.

Leave a Reply