
ප්‍රිය බිරිඳව යහනෙහි සතපවා තියා
මුහුණුපොතට ගොඩවෙයි නව රසක් සොයා
මැසෙන්ජරෙන් නෙක විසිතුරු වදන් ලියා
බලමුද පිරිමින් හට මක් උනේ කියා
කෝල් අරන් වද දෙන හැටි සැරින් සැරේ
ගෑනු ගිණුම් දැකලා කිපි මදින් පෙරේ
වැඩි ඈතක් නෑ මහ උළු ගෙදර හිරේ
පිටින් කන්න ආසාවලු එයයි හොරේ
_ඉෂංක දේශප්‍රිය_
සමාජ මාධ්‍ය, මිනිස්සු මුණගැහෙන, අඳුරගන්න හරි අපූරු තැනක්නෙ. සිතුවිලි බෙදාගන්න, හුස්මක දුරට සමීප කරන, යාළුවො රොද බැඳෙන ලස්සනම තැනක්..
හැබැයි පරිස්සමින්….
සීමා මායිම්, බාධක නැති නිසා හොඳ වගේම නරකත් පිරුණු තැනක් තමයි මේ!
සමාජයට පිය මනින්න. අලුත් ඉසව් දකින්න. රස විඳින්න. සමාජ මාධ්‍ය අවබෝධයෙන් පාවිච්චි කරන්න. ඔයාගෙ රාමුව, සදාචාරය, වටිනාකම රැකගන්න.
එවිට සමාජ මාධ්‍ය ඔයාටත්, මටත්, අපි කාටත් සතුට, විනෝදයම පිරිච්ච හරි ආස හිතෙන තැනක් වේවි. සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ගේ ජීවිත වලට සිදුවන අපහසුතා අවම කරන්නත් අපට පුළුවන් වේවී.
මේ එවැනි අපහසුතා නිසා ජිවිතය විඳවන ඇය වෙනුවෙන්..
Leave a Reply