මිනිස් ඇසට නොපෙනෙන මායිමක් සොයා
වන ලැහැබේ පහසින් සිත දුරක නොයා
අතු ඉති මැදි කළ සුව තණ පලස තියා
දුටිමි ජෝඩුවක් සෙනෙහෙන් පැතුම් අයා
පෙම් බස් රස වෑහෙන සුමිහිරි බොහොම
කිචි බිචි කොමළිය ආදර සුව ඔහොම
තුරු වදුලෙන් ආසිරි ලබමින් එහෙම
ඉගිලෙන සිතුවිලි නවතාලනු කොහොම
උණුසුම් තුරුලක තටු සඟවන්නට
සෙනෙහස දළුලන රහස කියන්නට
නිදහස් රසයක පහස විඳින්නට
අවසර කැදැල්ල කවුළු හරින්නට
-ඉෂංක දේශප්රිය-
Image Credits: http://shorturl.at/begT6
Leave a Reply