” මහත්තයෝ, දැන් ඔය මොකුත් කර කියාගන්න බැරුව උන්නට මං රස්සාව කළේ නගර සභාවෙ, කුණු ටැට්ටරෙ, දැන් මේ එකතැන් වෙලා හිටියට හොඳ හයිය හත්තිය තිබුණා ගෑනු අපිටත් ඒ සන්දියෙ. හැබැයි මහත්තයෝ මං ජීවිතය දකිනකොට ගොඩක් සුනංගු වෙලා. ”
කේ. සිරියා අම්මා මාත් එක්ක කී කතාව තමයි මේ !!
පරදන්නට බෑ පල දෙනවා කරුම
පව් ගෙව ගෙව උපදින එකමයි අරුම
කඳුළයි සුසුමයි මරණය එන තුරුම
දුක විතරයි සතුටක් නම් නෑ උරුම
දින දින වියපත් වෙන ගත සාපයකි
දැන දැන රස සොයනා තව පාපයකි
හර සුන් මතකය අවසන සෝකයකි
නිමක් නොමැති විඩබර සංචාරයකි
ඇති හැකි අය මහ සරුවට දනට දෙතී
නැති බැරි අපි හැමදාමත් පිනට කතී
අත පය හයි හත්තිය ගෙන ණයට ගැතී
දහමට පේ වෙන්නට මදි උනා බැතී
-ඉෂංක දේශප්රිය-
Image credits: https://bit.ly/2WUWrzT
Leave a Reply