හිතන්න, තව පාරක්.
ලංකාව ලස්සන කරන්න, අපේ ජීවිත පිරිසිදු කරන්න, නැවුම් හුස්ම පොදක් ඉතිරි කරන්න, අපි වෙනුවෙන් ඒ අය කරන, ප්රශංසාවක් නැති මහා කැපකිරීම!
ඒ අයත් මිනිස්සු, අපි වගේම. ආදරය, කරුණාව, සෙනෙහස දක්වන්න. එයාලටත් ගෞරව කරන්න.
නෙළුම පිපී උඩු ආවත් පෙති විහිදා
සහය දුන්නු ගොහොරුව මතකෙන් හැරදා
කිසි ලෙසකත් එක් වැනුමක්වත් නොලදා
බලනු මිතුර දෑස් බැඳුණු දැල් පිසදා
සේවය නම් මිල නොකළැකි අපමණය
අව් වැසි මැද සුවයක් නැති එක ලෙසය
පැසසුම් නොලදත් මුව පිරි සිනහවය
ඔබ හින්දයි ලක් මව් හරි පිවිතුරුය
වැටුප පරදවා කරනා මෙහෙවරට
තුති වේවා මල් කලඹක් ඔබ නමට
සිසිළස හරවා සැනසුම් සුසුමකට
කඳුළක් ඉනුවේ නොදැනිම හදවතට
වතුර බැස ගියත් සැමදා මිටි තැනකින්
මනු සුවඳයි අපි සැම බැඳි රතු ලෙයකින්
අභිසෙස් ගන්වා හරසර පිරි දිනකින්
තොසින් වසීවා ආසිරි වැසි අහසින්
-ඉෂංක දේශප්රිය-
Leave a Reply