නංගියේ මල්ලියේ,
උදේම සුදුම සුදු පාට ඇඳුමින්
ඉස්කෝලේ පාර දිගේ පෝළිමට
එනවා දැක්කම
මගේ හිතත් අතරමන් උනා
අවුරුදු ගානකට කලින්
මාත් ආවා ගියානේ ඔහොම
මාත් බලන් හිටියා
අයියලා අක්කලා එනකන් උගන්නන්නට
හිනාවෙන්නට
සරසවියේ හැඩ අහන්නට
ඔය වගේම
ඉතින්
අම්මගෙයි තාත්තගෙයි ඇස් වල
සතුටු කදුළු පුරවන්න
ගුරු මව් පියවරු ආඩම්බර කරවන්න
විදු නාමය බබලවන්න
අපිටත් අහිංසක සතුටක් දෙන්න
ඔයාගේ හීන එළි කරන්න
ඔයාට තමයි පුලුවන්
ඔයාගේ කැපවීමට තමයි පුළුවන්
නැගෙන්නා වූ අරුණෝද
සියළු සිත් සිහින ඉටුවන
ජය වරම රජයන
යනෙන මාවත් පුරා
පැතුම් මල් පොකුරු පිපෙන්නටයි
අපෙන්
සුභාශිංසන !!!
-උදානි අමරසිංහ –
Leave a Reply