නිර්ව්‍යාජව සිනාසෙන්නේ කුඩා ළමයි වේ. ඒක අපි කවුරුත් දන්නා කියමනක්,මොකද ඒ හිත්වල හැමවිටම පිරිලා තියෙන්නේ සතුටයි. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ගතින් වයස මුත් සිතින් පුංචි ළමයින්ගේ සිත් වැනි,ඒ ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙලෙන අපේම හිතවතුන්ය. මෙවර හත් වන වරටත් Rotaract ශ්‍රී ලංකා සහ මාලදිවයින් district වෙනුවෙන් අප රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලය හයක විසිරී පවතින Rotaract සමාජ 10 කගේ දායකත්වය සහිතව 2019 මාර්තු 31 වන දින ලෝක ඩවුන්ස් සින්ඩ්‍රෝම දිනයට සමගාමීව වෛද්‍ය කඳවුරක් සහ විනෝදාත්මක වැඩසටහන් ද අතුළත්ව විවිධ ප්‍රසංගයක් තර්ස්ටන් විද්‍යාලය ,කොළඹ 03 පරිශ්‍රය තුළ පවත්වන ලදී.
වෛද්‍ය කඳවුරේදී මූලික වශයෙන් ඔවුන්ව පරීක්ෂා කිරීම,විශේෂඥ උපදෙස් ලබාදීම සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් විය.ඔවුන්ගේ මුවගේ සිනහා ඔප් නැංවීමට විනෝදාත්මක වැඩසටහන් සංවිධානය කළ අතර එහිදී ඔවුන්ගේ කලා හැකියාවන් එළි දැක්වීම සඳහා විවිධ ප්‍රසංගයක් පවත්වන ලදී.
නරඹන්නන්ව පුදුම කරමින් ඔවුන් විවිධ ප්‍රසංගය තුළ දක්ෂතා පිළිඹිබු කල අතර එහිදී සැමගේ නෙතට කඳුළු බිඳු එක්වීම නිරායාසයෙන්ම සිදුවිය.
වැඩසටහන ආරම්භයේ පටන්ම ඔවුන් අපගෙන් ආදරය සහ සෙනෙහස බලාපොරොත්තු වුණු අතර අපගේ අත් වැළඳ ගෙන ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරන ලදී.වෛද්‍ය විද්‍යාත්මකව ගැටලු සහිත කණ්ඩායමක් ලෙස ඔවුන් කාණ්ඩ කලත් ඔවුන්ගේ දක්ෂතා,වේගවත් ඉගෙනීමේ රටා සහ අදහස්,හැඟීම් තේරුම් ගැනීමේ සහ පළකිරීමේ ක්‍රමවේදය දෙස බලන කල්හි එලෙස ඔවුන් කාණ්ඩ කිරීමට හැකි දැයි ගැටළු මතුවිය.කෙසේ වෙතත් සුන්දර දවසක අවසානය කඳුළු පරයා නැඟුණු සතුටු සිනහවලින් සටහන් කිරීමට Rotaract ශ්‍රී ලංකා සහ මාලදිවයින් සමූහය ප්රමුඛ රාජ්‍ය විශ්ව විද්‍යාලය වල වූ Rotaract සමාජයන් ට හැකිවිය.
~ නඳුන් මධුසංඛ ~
Leave a Reply