පසුගිය වසරේ Rotaract club එකේ Akhankara project එක කරන්න සුපුරුදු පරිදි තුන්වෙනි වතාවටත් අයියල අක්කලා අපේ පාසල වන ඉලුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය තෝරගෙන තිබුණා . මුලින්ම ඒකට ස්තුතියි . සැප්තැම්බර් මාසේ ඉඳලා හැම සති අන්තයකම ඔයාලා අපේ පාසලට ඇවිල්ලා උදේ 10.00 ඉඳන් හවස 5.30 වෙනකම් ඉගැන්නුවා .
අපිට ගොඩක් අමාරුවෙලා තිබුණ ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව යන විෂයයන් O/L Exam එකේදී ලේසියෙන් ම ගොඩදාගන්න අයියල අක්කලා උදව් කළා. අපි ඒ අතරිනුත් ගණිතය විෂයයට තමයි ගොඩක්ම කැමති වුණේ. ඒ නිසා කොහොමහරි අපි ගණිතයට වැඩි වෙලාවක් ගන්න උත්සාහ කළා. ඇත්තටම ඔයාලා උගන්නපු දේවල් වලින් අපිට ප්‍රශ්න තිබුණ තැන් ගොඩක් පැහැදිලි වුණා.

අපි ඒ උගන්නපු දේවල් හොඳට ඉගෙනගත්තා විතරක් නෙවෙයි අපිට විනෝද වෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ මොකද ඔයාලා අපිට යාලුවො වගේනෙ ඉගැන්නුවේ. අපි අයියල අක්කලා එක්ක සතුටින් වැඩ කළා. ඔයාලත් එහෙමයි කියල අපි හිතනවා. ඒ කාලය හරිම සුන්දරයි.
විභාගයට මාසයක් විතර තියෙද්දි අපි හිටියේ ගොඩක් stress එකේ. මොකද කියනවනම් සතියේ දවස් හතේම අපි ඉස්කෝලේ ඇවිත් ඉගෙනගත්ත නිසා. ඔයගොල්ලො අපේ මානසික තත්ත්වය වටහාගෙන හැම දවසකම වගේ අමතර ක්‍රියාකාරකම් කලා. එයින් අපි ගොඩක් විනෝද වුණා වගේම මානසික නිදහසකුත් ලැබුවා.
ඔක්තෝබර් 1 වෙනිදා නම් ගොඩක් විනෝද වුණා. එදා තිබ්බ game එක මරු. ඇයි අපි ක්‍රිකට් එහෙමත් සෙල්ලම් කළා . හවස සින්දු කියලා නටලා තමයි ගියේ. එදා ඔයාලා දුන්න card එකත් ලස්සනයි . ඇත්තටම අපි O/L Exam එකට face කරද්දී ඔයගොල්ලො උගන්වපු දෙවල් ගොඩක් වැදගත් වුණා.

ඒ වගේම කැම්පස් trip එකත් හරිම විනෝදයි . අපි ගොඩක් ආසාවෙන් හිටියෙ කැම්පස් එක බලන්න එන්න. ඔයාලගෙ කැම්පස් එකත් ලස්සනයි . එදා දිපු rag එකත් හරිම ශෝක්. ඒ වගේම අපිව කෞතුකාගාරය බලන්න එක්ක ගිහින් ගොඩක් දැනුමත් ලබා දුන්නා. ඒ වගේම අපිට කෑම බීමත් දුන්නා.

මේ project එක සංවිධානය කරපු පමා අයියා හා තරුශි අක්කාටත් උක්කු අයියා, හාවි අක්කා,සචින්දි අක්කා, මින්දුල අයියා, කොකා අයියා ,රශ්මික අයියා ,නවිශ්ක අයියා ,ජලක් අයියා ඇතුලු අපිට උගන්වන්න ආපු හැම අක්කෙකුටම හැම අයියෙකුටම ස්තුතියි .

ඔයාලා ඉන්න විදිය දැක්කහම, කවදාහරි අපිත් ඔතනට එනවා කියලා හැඟීමක් ඇතිවුණා. ඉතින් නැවතත් අපි ඔබ සැමට ස්තූති කරනවා. ඒ වගේම ඔයාලගෙ අධ්‍යාපන කටයුතු හොඳින් කිරීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!
ශෂිකලා සමරනායක
සඳුන් රොෂාන්
-ඉලුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලය-

Leave a Reply