
පෙබරවාරි 14 කිව්වහම කාටත් මතක් වෙන එක දෙයක් තියනවා, ඒ ලංකාවට නිදහස ලැබිලා දවස් දහයයි කියන එක. නිදහස් මානසිකත්වයෙන් ඉන්න තියන දැඩි අකමැත්ත නිසා මේ දවස තවත් විදිහක යටත් වීමකට ලක් වෙන්න ආදරවන්තයන්ගේ දිනය නමින් නම් කරගත්තා. මේ දිනය බොහෝ දෙනා තම ආදරවන්තයා වන්තිය වෙනුවෙන් වෙන් කරගත්තත් ඔවුනට අනෙකුත් දින 364ම අහිමිද කියා පැනයක් පැනනගී. පිරිසක් එම දිනය ආදරයෙන් සමරද්දි තවත් බොහෝ දෙනෙක් එවැනි දිනයක් කවදා තමන්ට ලැබේදැයි ඇඟිලි ගනිමින් කල් ගෙවයි. මෙම දිනය සියල්ලන්ටම සැමරීමට ඉඩසැලැස්වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව secrete valentine පලමු අඩිතාලම අපි දැමුවා.
ආදරය කරන අයට මෙන්ම ආදරය ප්‍රකාශ කරගැනීමට නොහැකිව ලතැවෙන අයටද තම හිතේ ඇදි එම රූපයට තම ආදරය ප්‍රකාශ කරන්නේ කෙසේද? ආදරය හිමි අයට නම් ගැටලුවක් නැත. නමුත් අප්රකාශිත පිරිස් ප්‍රකාශිත වූවන් වන විට ඔවුන්ගේ ආරක්ශා ගැනද සිතිය යුතුය. කුමන දෙයක් වුවත් safety first! අප Rotaract සමාජයේ හිටපු secretary කිත්මි අක්කාගේ අදහසකට අනුව තමන්ගේ ආදර පණිවිඩය කාඩ් පතක ලියා එය පරවියකු අතේ යැවීම වඩා යෝග්‍ය යයි තීරණය කරන ලදී. Design පහකින් කාඩ් වර්ග 5ක් සාදාගත් අපි පෙබරවාරි 14වන දින mission secrete valentine දියත් කරන ලදී. ආදරට තවත් රසවත් කිරීමේ අරමුණින් vice president මානි තම දාඩිය මහන්සියෙන් cup cake සාදාගෙන ආවත් ඒවායින් වැඩි පිරිසක් තනිකඩ අය ගැනීම මල්සරාටද අදහාගත නොහැකි කරුණකි.
කොහොම හරි ඔන්න 14 උදේ සුභ මොහොතින් වැඩේ පටංගත්තා. මුලින්ම කාඩ් ගන්න කට්ටිය ඇඹරුනත් පැය බාගයක් විතර යද්දි සූ ගාලා කට්ටිය පෝලිමේ, කාඩ් ගන්න. කැම්පස් එකේ ඇතුලේ කොක්කක් ඉන්න අය කෙලින්ම ඇවිත් කාඩ් ගත්තත් පිටින් ගොඩ අය හොරෙන් කාඩ් ගත්තේ තමංගේ තනිකඩ බව පිලිබද ඇති විශ්වාසය බිද නොවැටීමට විය හැක. වැඩේ කොච්චර නැගලා ගියාද කියනවා නම් මුලින් ඇඹරුන අය පස්සේ ඇවිත් කාඩ් තුන හතර අරං ගියේ. කාඩ් එකේ එක නමක් envelope එකේ තව නමක් තිබ්බ කාඩ් කීපයක්ද තිබුනේ දෛවයේ සරදමක් ලෙසය. සමහරුන්ට කාඩ් තුන හතර ලැබී තිබුනි. සමහරුන්ට ආසාවට envelope එකක්වත් නැත. තමන්ගේ batch එකේ සහ ඉහල හා පහල batch අතර සමගිය වැඩි කිරීමේ අදහසින් ගිය කාඩ් කීපයක් ගැනද කොල්ලන් කොල්ලන්ට කෙල්ලන් කෙල්ලන්ට මෙන්ම ළමයි විසින් academic staff එකටද යවන ලද කාඩ් තිබිනි. Non academic staff එකෙන් ළමයෙකුට ලැබුනු කාඩ් පතක් පිලිබදවද ආරංචියක් පවතී. එක් දිනයක් තුල මෙතරම් ආදර පත් සංඛ්‍යාවක් යන්නේ නම් මෙලොව තනිකඩයක් සිටීමට හැකිද යන ප්‍රශ්නයද අපිට secrete valentine අවසන් වන විට ඇතිවිය.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ආදරවන්තයන් ජීවිත කාලයම තමං වෙනුවෙන් කැපවෙන කෙනා වෙනුවෙන් එක දිනයක් වෙන් කොට ඉතිරි දින 364 වෙන් කරන්නේ කා වෙනුවෙන්ද?
~ විරංග රණසිංහ ~
Leave a Reply