චූටි නංගි මතකද මාව, එක දවසක් මෙහි ආව
වෙනස් වෙලානම් නෑ එදා වගේමයි සුදු මූණ
මතකද ඒ අවුරුද්දෙත් අපි දෙන්නා බදාන
ලස්සන ෆොටෝ ගත්තේ අලි පැටව් බල බල
ඒ හිනාව එදා වගෙයි හිතම පිරෙනවා
රෝස පාට කම්මුල් දැන් හැඩට පෙනෙනවා
දැන්නම් පැහිලා හරි ලොකු කතා කියනවා
දෙපා වාරු නැතත් දෙනෙත් තුටින් දිලෙනවා
සමහර යාලුවෝ දැක්කේ අදමලු මුහුද
ඔච්චම් කරනවා රැල්ලට වෙරළෙ හිඳ
හිනා හඬින් පැරදෙයි මුහුදේ සද්ද
පුංචි හිතේ සතුටට ලොකු දෙයක් ඕනද
බැරි උනාට මෙපින්බිමේ දෙපා තියන්න
රතු නෙලුමක් තියා බුදු හිමි දෙපා මුල
දෑත නළලෙ තියා වඳිමු පතලා එක පැතුම
මේ පැටවුන්ට ලැබේවා බෝ හිමි පිහිට කළුතර
~ කල්පනී ආරියරත්න ~
Leave a Reply