සුරතල් සිනාවයි
දඟකාර කතාවයි
එහෙ මෙහේ දුව පනියි
සෙල්ලමට හිත දුවයි….
මොහොතකින් එකතු වී
අතේ එල්ලී බැඳී
සිනාවෙන ඇස් වලින්
පෙනුණ සෙනෙහස වටී…
ලෙන්ගතුව යහමින්
අහිංසක පැටවුන්
නොනවතින කිචි බිචිය
අසන්නට අපූරුයි…..
අප සමඟ සතුටින්
පාට ගෑ විලසින්
නුඹේ හෙට ලෝකයත්
පිරේවා සතුටින්……
~සළුනි චනීෂා~
Leave a Reply