ආස ඇති උනුත් ගෙල
වෙද නළා පළඳින්න
නැතොත් හීනයක් ඇති
ගුරුතුමකු වන්නට
මේ පුංචි හිත් වලත්
හීන ඇති කුමක් වුව….
ගැටලු බාධක එමට
එන නමුත් මඟ දිගට
අපට හැකිනම් උන්ට
හෙටත් සවියක් වන්න
ඒ හීන පල දරයි
එසේ වුවහොත් දිනෙක…
නුඹ පුංචි මුව’ග අද
නැගුණ මේ හසරැල්ල
එදාටත් දකින්නට
අපිත් ආසයි සොයුර……
– සළුනි චනීෂා –

Leave a Reply