පුතේ ඉස්සර මමත් නුඹ මෙන්
තරුණ කොල්ලෙක් හැඩි දැඩී
වයස ගතවී කෙසුත් පැහුණේ
ගතේ වාරුව දුබල වී…
ගතේ සවියට දෙවෙනි නැත ඒ
හිතේ සවි තවමත් ඇතී
දිවි ගමන ගත වන්න ඕනේ
කොහොමදැයි උපදෙස් දෙතී….
නොමැත තරහක් කිසිවෙකුත් ගැන
සුහද ඔහු හිනැහෙන හැටී
ඇත්තමයි පිය සෙනෙහසට නම්
ලියවුණා මදි ගී කවී…..
~ සලුනි චනීශා ~
Leave a Reply