CO නම් පුට්ටි තමා (අනිත් CO නොහොත් සිරියා ගැන පස්සේ කතා කරමු) ඉතිං. මෙවර CO වීමට අවම සුදුසුකම ලදරු මානසිකත්වය බව කරුනාවෙන් සලකන්න 🙊. CO තුන්වෙනි වතාවට පින්නවල ගියත් මෙවර පමණක් තමන් අලි දුටු බවට කල ප්‍රකාශය දෙවනි වූයේ, “මම තමයි අනිත් CO” තමන් පලමු වතාවට පින්නවලට පැමිනි බවට කල ප්‍රකාශයටය. වෙලාවට වැඩ කරනවා කියන එක උපරිමේට චුට්ටක් වැඩියෙන් පෙන්නුවා උදේ පාංදරම අපිව පැය 1යි විනාඩි 30ක් පාරේ තියලා (සමහරු නම් වෙලාවට කලින් වැඩක් කලාමයි). මොනා උනත් ඊට පස්සේ අපි පින්නවල ගිහිං ඒ ලමයින්ට අලි පෙන්නලා, සින්දු කියලා හොද ෆන් එකක් ගත්තා (අතර මගදී ජල ක්‍රීඩා සිදුවූ බව සලකන්න).
අපි කොච්චර ෆන් එකේ හිටියත් සෝතැවුලෙන් පසු උන අයියා හා වැලයා අයියාගේ සිත් ඉක්මනින් සුව වේවායි අපි එක සිතිං ප්‍රාර්ථනා කරමු. තවද ගීතයෙන් ගීතය ඉතා අවංකව (මැද්දෙන් පටං ගත්තෙම නෑ කවුරුත්🙊) කල බවට සතුටින් ප්‍රකාශ කර සිටිමි.
සිංදුවට ඇක්ට් එකක් කරන්න ගිහිං කුකුලාත් අතිං අරං අහිංසක මොකා සබන් නැතුවම නාගත්තද, අයියා විසින් උතුරු කටුව පෙන්නූ ආකාරය පිලිබද දේශ ගවේශන දෙපාර්තමේන්තුවද අංදුං කුංදුං වී ඇති බව රහසිගත ආරංචි මාර්ග අපට පවසා සිටියා. සම්බා අයියා විසින් සංසාරේ නිරූපනය කලේ කවුද කෝට්ටේ ගියා වගේය.
අම්බානට නාගෙන එහෙ මෙහෙ යන අතරේ ජොරියාගේ ප්‍රධාන ප්රශ්නය වූයේ දවල්ට කන්න දෙන්නේ කීයටද යන්නයි. සියාතු විසින් උදේම බස් එකේ කල කඩවුනු පොරොන්දුව ජවනිකාව කාගෙත් සිත් ගත්තද තව පොඩ්ඩක් එහෙ මෙහේ උනානම් දතක් දෙකක් ගන්න තිබුන බව කාටත් නොරහසකි. ජලක් විසින් සුපුරුදු ලෙස රෙදි ගැලවීමේ ව්‍යාපාරය ඉතා සාර්තකව පොඩි ලමයි එක්ක සෙට් වී කරගෙන යාම අපටද අදහාගත නොහැකි සතුටකි. පවල්ට තම පාවහන් පවා අමතක වන තරමට කම්පනය වූයේ කිමද යන්න සමාජයේ කතාවට ලක් වන කරුනකි. අලි පැටවුන්ට කිරි පොවන තැනදී පොඩි ලමයෙක් “ඇයි අර අලිපැටියට විතරක් කිරි දෙන්නේ නැත්තේ?” ඇහුවා. එතන හිටිය හැමෝම ඒ දිහා බැලූවිට පෙනීගියේ ලැජ්ජාවෙන් ඇබරෙන අපේ ආදරනීය පොඩි පැංඩා අයියාවය 🐼. තම අම්බලංගොඩ ලෝකයට සෙවන ගෙන යාමට නොහැකිව කලකිරී සිටි පජිස්තාර්ව දිරිය කාන්තාවක් විසින් බසයෙන් බිමට දැමූවේ දෛවයේ සරදමක් ලෙසය. මොනා උනත් කට්ටිය පරිස්සමට ගිහිං ආවා කියලා කියන්න ඕන.
තම මුලු ජීවිත කාලයෙන් වැඩි කාලයක් එකම රාමුවකට කොටු වෙලා ඉන්න ඒ අහිංසක මල් වලට මේ වගේ වෙනස් අත්දැකීමක් දෙන්න පුලුවන් උන එක නම් කියන්න බැරි තරම් සන්තෝසයක්. ඒ ලමයින්ගේ මූණවල් වල තිබ්බ ඒ හිනාව දැක්කාම අපි කරපු දෙවල් වල මහන්සිය කොහේ ගියාද නෑ. ඒ සියල්ලටම යම් අගයක් දෙන්න අපේ සභාපති “ගියා අයියා” රට ඉදං එද්දි අපි ඔක්කොටම චොක්ලට් ගේන බවට විදෙස් ආරංචි මාර්ග අපට පවසා සිටියා.
ඇත්තම කිව්වොත් වැඩේ නම් පට්ට සුපිරි. ඒ ලමයින්ටත් හොද සුපිරි ෆන් එකක් දීලා අපේ අයත් හොද ෆන් එකක් ගත්තා 😍. COලා අක්කලා අයියලා අපේ අය පට්ටෙටම වැඩේ කලා. ඒ ගැන ආයේ ඉතිං කියන්න දෙයක් නෑ. කිසිම අඩුවක් තිබුනේ නෑ.❤
~ මීට විරංග රණසිංහ (මොකා) ~
Leave a Reply