පාට සරුංගල් යවන්න
නිල් අහසේ සැරිසරන්න
අපිත් එක්ක පා නඟන්න
මතින් නිදහස් රටන් තෙක්ම
“මතින් නිදහස් රටක්” යන තේමාව යටතේ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළිය හා පා ගමන පසුගිය අගෝස්තු 12 වෙනිදා මීගමුවේදී පැවැත්විණි. කොළඹ විශ්ව විද්‍යාලයේ Rotaract සංගමයේ සහභාගීත්වයද මේ සඳහා ලබා දුනි.
මීගමුව මහානගර සභාව අසලින් ඇරඹි පා ගමන මීගමුව වෙරළ තීරයේ නිමා වූයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
Rotaract මිතුරු කැළගේ සහෝදර දෑතින් නිම වූ අලංකාර සරුංගල් රැසක්ද සමඟින් අපද සරුංගල් සැණකෙළියට එක් වූයේ තවත් එක් සොඳුරු අත්දැකීමක් ජීවිතයට එක් කර ගැනීමේ අරමුණින් පමණක්ම නොව, සමාජයේ එක් පුරවැසියෙකු හෝ මතින් නිදහස් අයෙක් බවට පත් කර ගැනීමේ අරමුණෙනි.
වෙනදාට නිසංසල පරිසරයක් වූ මීගමු වෙරළ තීරය එදින දැඩි උත්සවශ්‍රීයක් උසුලනු ලැබීය. නෙක වර්ණයෙන් විසිතුරු වූ සරුංගල් රැසක් සමඟින් විචිත්‍ර වූ අහස්කුස අපහට සොඳුරු දසුනක චමත්කරය විදහා පෙන්වීය.
සමාජයට වැදගත් වූ පණිවිඩයක් ද සමඟින් ජීවිතයට සොඳුරු අත්දැකීම් සමුදායක්ද එක් කර ගනිමින් Rotaract සංගමයේ අපි තවත් සොඳුරු වැඩසටහනක් නිමාවට පත් කළේ කිසිදා නොලැබූ සතුටක්ද සමඟිනි.
~ ජයනි චන්දුලා ~
~ සලුනි චනීශා ~
Leave a Reply