
සයුරු සිතිජය හිරුට සමුදෙන මායිමේ සවස් කල රැඳුන සිග්මා (හීන) පොදි බැඳ සායම් ගෑ දේදුනු ලෙස වියෙන ගල් පවුරක රල බිදෙන තැන හැගුම් වෙන්දේසි නොවන කටුව මත රකින මල් ගෙන මිහිරි සිතුවිලි සිතේ නිදන්වූ කණාමැදිරි එලි නොතිබුනාට කොළඹ විසල් අහස යට ගෙතුවේ වියමන් තරු රටාවක ලස්සනට සරාසඳ උඩට වල්ගා තරු අහසේ සුන්දර මතක කැන්දා නොඑන්නට කොළපාට අවුරෝරාවක්වත් දිස්වී සිත්සමකයට වන්නට අන්තරාදායකම තනුවක පෙරවදනක් නොලියවුනු කලක අනාගතයම තෝරන්න වුන ජිවිතේට සැඩ කුණාටු කිමද අනුයාත අනාකූල රේඛා දෙකක් මැද සිරවී සීතල ආත්මයක කවදා පිරවිය හැකිද මේ හදෙහි ලැගුම් ගත් කළුකුහර? අළු අහසත් කඳුළු පුරවන් ඉකිගස්සනට වුන සවස් වල හදෙහි සියුම් සිදුරු තෙමී ගොස් අරථ ගිලිහුන දින වල දිවාකල සොයාගිය මිරිගු රාත්රියේහි සොයන්නට බැරිකල තරු පවා ගොළු වන අමාවක රෑ 12 ක් වැඩී අවුරුද්දකට මෑත දිදුලන ඈත නොපෙනෙන ධූමකේතුවක් වන් වූ ආත්ම කාලයක වසන්තය වූ නුබ ගිම්හානයේදී හද දවන නිසාම වචනයට නොපෙරලවන්නට බැරි නිසා පෑන්තුඩ රිදවන්නම සියුම් කවිපන්ති සිත තුල සිරව තිඹිරිගෙයි ලගින්නේ හැමදාම
By Rtr. Asini Perera
Image Credits:

Leave a Reply