
අද ඔබ නිසා මා දරු කැල විඳවනවා
ගන්නා හුස්ම පොද සිර වී මිය යනවා
මිහිමව් හෙළන එක් කඳුළක් පාසාම
ඔබටත් කඳුළු උරුමයි ළඟ ළඟකදි ම
බිහි වූ දා පටන් ඔබ මේ ලක් දෙරණ
දිය පවුරක් වුණේ මා ඔබ රැක ගන්න
පොලිතින් කුණු කසළ බොර තෙල් අඩු නැතිව
මට බැර කළේ කළගුණ සලකන්නට ද
By Rtr. නවෝද්‍යා ලක්සරණි
වායු ගෝලය, භූමිය සහ සාගරය පෘථිවියේ සමතුලිතතාව පවත්වා ගැනිමේ මහඟු
කාර්යභාරයක් ඉටු කරයි. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස මේ සියල්ල අද වන විට
දූෂණය වෙමින් පවතින බව අප සියලු දෙනා දන්නා කරුණක්. නමුත් අප රට තුළ සාගර
දූෂණය යාමනය කෙරෙහි අවධානය යොමු වන්නේ ඉතාමත් අවම වශයෙනි.
නිරන්තරයෙන් සාගර ජලයට මුසුවන බොර තෙල්, ප්ලාස්ටික්, පොලිතින්, කැළිකසළ,
ගෘහස්ථ සහ කර්මාන්ත අපද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන් ඇතුළු ජෛව විවිධත්වයටත්
පාරිසරික සුන්දරත්වයටත් හානි පැමිණෙනවා පමණක් නොව පාරිසරික තුල්‍යතාවට ද
අහිතකර ලෙස බලපෑම් එල්ල වෙමින් පවතී. එබැවින් වගකීම් සහගත පුරවැසියන් ලෙස
මෙම දැවැන්ත පරිසර හානිය වළක්වා ගැනීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක්
වේ. විනෝදාස්වාදය සදහා මුහුදු වෙරළට යන විටෙක එහි කුණු කසළ බැහැර කිරීමෙන්
වැළකීම, යම් අයෙකු එවැන්නක් සිදු කරනු දුටුවිට ඔවුන් එයින් වැළැක්වීම, වෙරළ පිරිසිදු
කිරිමේ ශ්‍රමදාන සංවිධානය කිරීම, සාගරයට ගලා බසින ගංගා සහ ඇළ මාර්ග වලට අප
ජලය සහ අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම මේ වෙනුවෙන් අප හට ගත හැකි සරල
පියවර කිහිපයකි. එසේ නම් එක්ව අත්වැල් බැඳගනිමු. සාගර සම්පත රැක ගනිමු.
Image Credit: https://bitly.com/

Leave a Reply