අපි හැමෝම දන්නව මහරගම අපේක්ෂා රෝහල ගැන. පිළිකා මාරයාට එරෙහිව සටන් කරන එයාලගෙ ජීවිත විතරක් නෙමෙයි, අනෙක් අයගෙ ජීවිතත් අත හරින්නෙ නැතුව සටන් කරන විදිය කියල දෙන විවිධ වයස් පරතරවල පිරිසක් ඉන්න තැනක් තමයි ඒ. ඉතින් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ Rotaract සංගමයේ අපි තීරණය කළා ලෝකෙටම අරුතක් එක් කරමින් වෙසක් පෝ දින සමරන්න රටම ලෑස්ති වෙන වෙලාවෙ, අපේක්ෂා රෝහලේ පොඩ්ඩො ටිකටත් ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න උදව් කරන්න. කොළඹ මහානාම විද්‍යාලයේ හා අශෝක විද්‍යාලයේ Interact Clubs එක්ක එකතු වෙලා “අපිටත් වෙසක්” ව්‍යාපෘතිය නිර්මාණය වුණේ ඒ සඳහාමයි.

ඉතින් එදා අපි එකතු වෙලා අපිට පුළුවන් විදියට හදපු අටපට්ටම් ටිකක් අරන් ගිහින්,(ඇත්තවශයෙන්ම ඒවා අපේ සභාපති Mr. ජලක් හරිම මහන්සියෙන් හදපුවා) තව වෙසක් කූඩු ටිකක් එතන ඉඳන් ඒ පොඩ්ඩො එක්ක එකතු වෙලා හැදුවා. ඒවට සව්කොළ අලවලා, රැලෙ දාලා හැඩ කළෙත් අපේ අතින්මයි. ඒ පොඩ්ඩො හරිම සතුටින් කූඩුවලට කොළ අලවනව දකින්න ලැබුණා.

එදා අපේ වැඩ සිද්ධ වෙච්ච විදිය Rtr. මොකාට අනූව මෙහෙමයි. ඇත්තටම එයා සුපුරුදු පරිදි වෙලාවටම ආවා, හරියටම කිව්වොත් 8ට විනාඩියකට කලින්. මොකාට අනූව නම්, හොඳටම අයිස් ගැහුවෙ පැන්ඩයි, ෂැගියයි. රැළි department එක බලපු ප්රසාදිගෙ වැඩත් අන්තිමයි. හාවිත් ඉතින් හරියට වැඩක් කළේ නෑ. කූඩු ඔක්කෝම මහන්සි වෙලා හදල ඉවර කළේ කජ්ජයි, මොකායි තමා.
තව මතක් කරන්න ඕනෙ අපිට උදව් කරන්න ආපු මල්ලිල ටික. එයාල සෑහෙන්න මහන්සි වුණා. මොකාගෙ වචනෙන්ම කියනවනම් ටොප් බඩු ටිකක් තමා. ඉතින් මේ වගේ පිරිසක් එක්ක දුෂ්කර කාර්යභාරයක් ඉටු කරපු මොකාගෙ මඟ පෙන්වීම අගය කළ යුතුමයි. මේ වෙලාවෙ අපේ සභාපතිතුමා මොනවද කළේ කියනවනම්, එයා නායකත්වයේ ලක්ෂණ මොනවට පැහැදිලි කරමින් තරහ වෙලා හිටපු දෙන්නෙක්ව යාළු කළා.

වෙසක් එක වෙනුවෙන් කරපු තවත් පින්වන්ත වැඩක් තමයි ඒක.
මේ විදියට සතුටින්, විනෝදයෙන් පොඩ්ඩො එක්ක අපි එකතු වෙලා හදපු කූඩු ටික් අදාළ තැන්වල එල්ලුවෙත් අපිමයි. ඒ වගේම නේවාසික රෝගීන් වෙනුවෙන් යෝගට් දන්සලක් ලබා දීමත් සිදු කෙරුණා. අපි එදා දවස නිම කළේ රටම පොදු ප්‍රශ්නයකට මුහුණ දෙමින් වෙසක් සමරන මොහොතක ඒ වෙනුවෙන් අපේ යුතුකම සිදු කළාය යන අදහස ඇතිවයි.

~ ප්‍රනීත් මධුභාෂණ ~

Leave a Reply