නිමක් නොපෙනෙන මහ සයුරට ඔහේ පවා වී යන්නට නොදී ගෙවා ආ මග රැළිති සටහන් ඇඳ ගියත්, ඔබ සෙනෙහසින් විභව ශක්තිය පහල යන විට මැකීයන ක්ෂණිකය වැටහුනත්… නමුත් මා නියමුවෙකු වූයෙන් තව තවත් රැළි රටා මවමින් සිහින මලු පිරී ඉතිරුනු ඔරුව පැද යමි හමුවනා තුරු වර්ණවත් කෙළවරක ක්ෂිතිජයක් ඔව් ක්ෂිතිජයක්… වර්ණවත් ක්ෂිතිජයක්. Featured Image: https://shorturl.at/Hmqtj
Poems
සිහිනයක් ~~~
සයුරත් අඹරත් දෙබෑ කරමින නිදහසේ පියඹා යන්නට සිතා…. පිය නැගුනි මේ ගෙන්දගම් පොළොවට……. ආ විටයි තුම්මුල්ලට පසක් වූයේ හැකිල ගිය තටු සිතූ ලෙසකට දිග හැරීමට නොහැකි යැයි කියා….. පොදි බැඳ ආ මාළිගා වල විදුරු දෙඇස් ඉදිරිපිට ම බිඳී යද්දිත්…. තනිකමත්, පාළුවත් අවුලවයි මහා ගින්දරක්. නමුත්, දිය බිඳක් මෙන් සනසන්නට ඖෂධීය සති අන්තයක්….. කුමක් වූවත්, දිනෙන් […]
කවුරුත් කැමති නෑ…
කවුරුත් කැමති නෑසීතලේ ඉන්න… තුරුල් වෙන්න උණුහුමක් නැතිව තනි වුණාමිසක… කවුරුත් කැමති නෑකළුවරේ ඉන්න… පත්තු කරගන්න එළියක් නැතිව හුරු වුණාමිසක… කවුරුත් කැමති නෑමහ වැස්සෙ තෙමෙන්න … ඉහළ ගන්න කුඩයක් නැතිව අසරණ වුණාමිසක… හොඳට මතක තියාගනින් ළමයො… මිනිස්සු තනිකමට කවි ලිව්වට… කවුරුත් කැමති නෑතනියම ඉන්න… විකල්පයක් නැති තැන තනිකමට හුරු වුණාමිසක. By Rtr. Bagya Vitharanage Image […]