
වරෙක හැල්මේ දුවන අප, ඇතැම් විටෙක නැවතී දුවන අය දෙස හිස් බැල්මක් හෙලයි. තවත් විටෙක ධාවනය කෙදිනක හෝ නිම වන බවත් පථය දෙපස සුළඟේ ඒමේ අත වැනෙන කැලෑ මල්ද, පියාඹන සමනලුන් මෙන්ම වතුර කැට කඩා හැලෙන හවසක දුම් දමන කෝපි කෝප්පය හා රුසියන් කතා පොත් පිටු අතරේ සැරිසරන්නට ද අපට සිත් වන අවස්ථා නැතුවාමත් නොවේය. පුදුමය නම් මේ සියල්ල අප වීමය.
එහෙත් ඇත්තෙන්ම මේ පුද්ගලයින් තිදෙනාගෙන් කෙනෙකු ජීවිතයට මතුවන්නේ අප විසින් ගන්නා වූ තීරණයන් මතයි. කෙනෙකුගේ ජීවිතය, තම ජීවන යාත්‍රාව හසුවන ආකාරය මත රඳා පවතී. තීරණ වලින් මැවෙන ජීවිතය හරියට චිත්‍රයක් වගේ කිවහොත් ඔබ පුදුම වේද?
මඳකට නැවතී මීට වසර ගණනක අතීතයට යන්නට මට සිතේ. කුඩා කල මට චිත්‍ර ඉගැන්වූ ගුරුවරයකු වීය. “සිතුවමකට ජීවය දෙන්නේ ඔබයි. ඒ ඔබේ තීරණයයි.” ඔහු වරෙක පැවසීය. හෙතෙම දිනක් මම සම්පූර්ණයෙන් නිම කළ දියසායම් චිත්‍රය ගෙන මේසය කෙළවරේ ඇති පින්සලෙන් චිත්රයේ ඉතා කුඩා වෙනස්කම් කිහිපයක් සිදු කළේය. මම ඉමහත් සතුටට පත්විය. එහෙත් චිත්‍රය ආපසු මට භාර දුන් විට ඔහු සිනාමුසු මුහුණින් මෙසේ පැවසීය. “චිත්‍රය නැවත අඳින්න. නැත්නම් ඔබගේ චිත්‍රය ප්‍රතික්ෂේප වේවි”. චිත්‍රය දෙසට එබුණු කල මට ද එය ප්රත්යක්ෂ විය. සෞම්‍ය ලෙස ඇඳ තිබූ චිත්රයේ වසර ගණනාවක පළපුරුද්දෙන් නිමවූ ප්‍රබල පින්සල් පහරවල් කිහිපයක් යෙදී තිබුණි.
යළිත් වතාවක් ඇඳි නව චිත්‍රය හාත්පසින්ම වෙනස් වීය. ගුරුවරයාගේ ඉගැන්වීම් නව චිත්‍රයට යොදන්නට වෙර දැරූ මට නැවත නැවත හමු වූයේ මගේ පින්සල් පහරම වුවද වෙනදාට පින්සල් පහර යොදන තැන වෙනස් වීම නිසා තවමත් අඩුපාඩු වලින් පිරුණු සිතුවම ජීවයෙන් බබලන්නට විය.

මේ කතාව ඔබ ඉදිරියේ ගෙනහැර දක්වන්නට හේතු වූයේ අප බොහෝ දෙනෙක් නොදකිනා ජීවිතයේ පැතිකඩයි. ජීවත්වන කාලය පුරා අප ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් මෙන්ම දැනෙනා හැඟීම් වලින් හා ඒවාට හේතුවන තීරණ වලින් නිර්මිතය. අප සියල්ලන්ම විශේෂය. සෑම පුද්ගලයකුටම තමන්ට වූ ආවේනිකත්වයක් ඇත.
යම් කෙනෙක් මොනාලිසා සිතුවම නැවත චිත්‍රයට නඟන්නට තැත් කළද, ඔහු ඉදිරියේ මැවෙන්නේ ඩාවින්චිගේ මොනාලිසා නොව ඔහුගේ සිතුවමකි. එහෙත් එවන් වූ සිතුවමක නැවුම් බව වියැකී ගොස් ඇත. මන්දයත් එය පටු කොටුරාමුවක සිරවූ පින්සල් පහරවල් කීපයක් පමණි. එහි ඇත්තේ හුදෙක් පිටපත් කිරීමක් පමණි.
සංසන්දනය වනාහි සතුටෙහි මරුමුවයි. මට ඔබවන්නටද ඔබට මාවන්නටද නොහැකිය. එහෙත් පුද්ගලයින් වශයෙන් අනෙකාගෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝය.
ඔබේ පින්සල් පහරේ සුවිශේෂීත්වය දකින්න. එයට ආලය කරන්න. එමෙන්ම ඔබ මම යන පුද්ගලයාට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න. දවසක ඔබට තේරුම් යාවි ඔබ සොයා ගිය සතුට ගැබ් වී ඇත්තේ ඔබගේ සුවිශේෂීත්වය මත බව. එසේ නම් ඔබටම ආවේණික වූ ඒ ජීවන සිතුවම මවන්නට ශක්තිය, ධෛර්යය නොමදව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මොහොතකට සමුගන්නම්.සුභ දවසක්!
By: Rtr. තියුමි විජේමුණි
Image credits:
Leave a Reply