තාරකා බැස යන නිමේෂයට පා ඔසවන් පාං කිරිත්තන්ගේ කටහඬට කලියෙන් දියුණු වූ ධ්‍යානයෙන් යුතු ශ්වේත වර්ණ රශ්මි ධාරීනුත් එකට මුසුවී මවයි දේදුන්නක් බඳු චිත්‍රයක්, විවර වෙන තරු දොරටුව තුළින් ඇස දමා... දකී කෙසෙල් තන්තුවෙන් බැඳී හයිවුණු මකුළුදැල් වියමනක්... අසුරු සැනින් ගෙවුණු කාලය හිඳී අප අසුන් ගන්වා තුළට වන්නට සිලින්ඩරයක සෝපානයක්, ගමන ඇරඹුණි... පෘථිවි මුතු ඇටයෙන් ඇදී ආ අප බලයි කරකවමින් බෝල ගෙඩි ඇස් ක්ෂීරපථයේ සොඳුරු අවතැන්, නැවතෙමින් සිත් ගත්ත තැන්වල..... ඇල්ෆා සෙන්ටෝරි නෑයන්ට අතවනා අපි හැරී ආවේ මතක කන්දක් ගුලිකරන් ඔව් සිහිනයක් නොවේවා යි පතමින් මතක කන්දක් ගුලිකරන්...
By Rtr. Methmi Minsadi
Image Credits:
Dulari Udeshika says
Beautifully penned! 😍💫
Isuri Senevirathna says
Love this!!! 😍👏
Nadeesha says
Creative ✍️
I am eagerly waiting for next with congrats 👏