

ඔයත් මං වගේ අයිස් ක්‍රීම් වලට ආසා කෙනෙක් ද? මේ මගේ ආසම ක්‍රියාවක්… මහ වැස්සක තෙමි තෙමී අයිස් ක්‍රීම් එකක් කන එක….
ඇත්තටම මේ ලස්සන වැඩේ මං පුරුදු වුණේ දමිල චිත්‍රපටියකින්… පසුව මා එය අත්හදා බැලුවා…
මට අනුව… මා කළ ගවේෂණයන්වලට අනුව… අයිස් ක්‍රීම් කියන්නේ පුද්ගල මනෝවිද්‍යාවට අනුව ආතතිය සමනය කළ හැකි මැජික් එකක්… මනස ආතතියෙන් පෙළෙන විට අයිස් ක්‍රීම්වල පවතින ක්‍රීම් හා සීත ගතිය එක් වී මානසික ආතතියට හේතුවන සාධකවල යම්කිසි පාලනයක් ඇති කරනවා…
වැස්ස… අපි කවුරුහරි ආසාව නිසා වැස්සේ ගිහින් තෙමුනොත්… සමාජය අපට කුමක් කියාවි ද? “එයාට නම් මොකක් හරි මානසික අවුලක් තියෙනවා මට හිතෙන්නේ” මෙන්න මෙහෙම කියයි නේද?
ඒ වුණාට ඔබ දන්නවාද වැස්සේ තෙමීම යනු මානසික ආතතිය අඩු කරන තවත් සාධකයක් කියලා… ඒ වගේම වැස්ස විඳිමින් වැස්සේ තෙමෙන්නෙක් කියන්නේ සමාජ රාමුවට සිර නොවී නිදහස් චින්තනය හා තම ස්වකීයත්වය එලෙසටම පවත්වාගන්නෙක්………
ඉතිං මේ වැස්සයි, අයිස් ක්‍රීමුයි එක් වූ විට ගොඩනැගෙන මානසික නිදහස මට අනුව නම් වෙන කිසිවකින් ලබා ගන්න බෑ… පොඩ්ඩක් අසනීප නම් වෙනවා. ඒත් ජීවිතේ එක මොහොතක් හරි අපි විඳලා තියෙනවා…
“වැට කඩොලු බාධා මැද්දේ ජීවිතය විඳින්න… ඔබ ඔබම වන්න…”
By Rtr. Vihanga Nawarathna
Image Credits:

Nicely written! 😍💝
❤❤
Amazing! 😍✨️