
බාගෙට ලියූ සටහන් නවා තුන්පිට කරකවා ඇඳුරුන් දිහා බලමින් මුහුණු ඇත කීපයක් ශාලාවේම මැලවුණු බරවුණු යමකි ඇස්වල නිදිමතට එහා ගිය... අවසන සියක් දේශන යලිදු පා නගයි කොන්ක්රීට් කූඩාරමට දැන් ඒක නිවහන ය... සුවඳ බත් නොඉදෙන ඕවිටේ මල් නොපිපෙන වැලි මිදුල් නොපෙනෙන "පුතේ" හඬ නොඇසෙන කට්ටම කට්ට කළුවරට විදුලි එළි පමණක්ම එබෙයි තනි නොතනියට... නොකෙරූ වරදකට කවුරුන්ද සිරකළේ බරපතළ වැඩ ඇතිව...
By Rtr. කණිෂ්ක සෙනරත්
Image Credits:
Beautiful 🙂