
සිඳී ගිය විල්තෙර මැකුණු සිත්තම් අපමණ මතකයන් තවම ඇත වස්සානෙ පෑයූ සඳක... වැහි බර ගොම්මනක දහස් පියුමන් බලා ඉද්දී මාළු රංචුන් පොදි ගණන් මුකුළු කෙරුවා තාම මතකය... හැකිවේද දියබිඳට පරයන්න ඉඩෝරය තෙත් වුණත් විල් පතුල ඉඳහිට වහින වැහි පොදට... ඉඩෝරය පෑයූ සඳ විලට බැඳි සිත තනිකමට... ඉකිබිඳියි තවමත් වස්සානයේ නොපිපි කුසුමට...
By Rtr. Kanishka Senarath
Image Credits:
මම ආසයි අපේ අයියා ලියන කවි ,නිසදැස් වගේ දේවල් කියවන්න .,ඒවා හරිම ලස්සනයි .,මේ නිසදැසත් ඒ වගේම ලස්සනයි ., ඔයාලට අපේ අයියගේ මීටත් වඩා ලස්සන නිර්මාණ තව ඉදිරියට අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් වෙයි.🤜🤛
It is very heart touching.amazing kanishka.🥰🥰🥰
❤️